🍓නීරස ජිවිතයට රසයක් එකතු කර ගමු.🍓

in Steem Sri Lanka3 years ago

ඉතින් යහලුවනේ කොහොමද ජිවිතේ. හැමෝම හොදින් කියල හිතනවා. ලංකාව මොනතරම් ප්‍රශ්න ගොඩක හිටියත් අපි දැන ගන්න ඕන අපේ ජීවිතය විදින්න. නිතරම සුබවාදීව හිතල සතුටින් ජිවත් වෙද්දී තමා අපේ සෞඛ්‍ය තත්වය හොදින් පවත් වාගෙන යන්න පුළුවන්. අනේ තෙල් නෑ, අනේ බඩු ගණන්, අනේ ගෑස් නැහැ කිය කියා අපි සිතෙන් තැවි තැවී ජිවත් වුනොත් අපිට නොදැනීම අපේ ආයුෂ කෙටි වෙලා යාවි. ඒ නිසා අපිට තියන දේවල් ඇති හැකි අයුරින් කළමනාකරණය කර ගෙන මේ අසීරු අවස්ථාවට මුහුණ දෙන්න අපි හමොම් අදිටන් කර ගනිමු.

මෙහෙම ගෙවන ජීවිතයේදී නොයෙකුත් දේවල් අත් හදා බලන්නත් අපි උත්සාහ කරමු. ඉතින් ඔයාලගේ නීරස ජිවිතයට රසයක් එකතු කරන්න හිතාන මම අද ඔයාලත් එක්ක මම අත් හදා බලපු එවැනි කිරි රසැති, පැණි රසැති කෑමක් හදන විදිය බෙදා ගන්නයි මේ සුදානම. ඉතින් අපි කවුරුත් කැමතියිනෙ පැණි රසට, ඇඹුල් රසට, කිරි රසට. අපේ ගෙදරත් ඉන්නව මේ හැම රසයකටම කෑදර පුතෙක්. දරුවෝ සතුටු කරණ එක තමා දෙමාපියන්ගේ යුතු කම. අම්මල හදල දෙන්නේ නැතිව වෙන කවුරු හදල දෙන්නද?

image.png


ඉතින් මේක හදන්න හරිම පහසුයි. අවශ්‍ය වන්නේ ස්ට්‍රෝබෙරි පුඩින් මිශ්‍රණයයි, කිරි පිටි හෝ ෆ්‍රෙෂ් මිලක් පමණයි.

පිළියල කරණ ආකාරය.

අදියර 1

පළමුවෙන්ම කිරි ලීටර් 500 ක් පමණ ප්‍රමාණයක් ගන්න. පිටි කිරි නම් මේස හැඳි පහක් වතුර ලීටර් 500 ක දිය කරගන්න. මීලගට පැකට්ටුවේ ඇති පුඩින් මිශ්‍රණය කිරි භාජනයට දමා හොදින් දිය කරගන්න. ඉන් පසු ලිප තබා විනාඩි පහක් පමණ උතුරණ තෙක් නොනවත්වා හැදි ගාමින් උණු කරගන්න. එසේ හැදි ගෑම මගින් කිරි කැටි ගැසීම වලක්වා ගත හැකියි. හොදින් හැදී ගාමින් උතුරවා ගත් කිරි මිශ්‍රණය ලිපෙන් ඉවත් කර සුදුසු භාජනයකට දමා නිමෙන්නට හරින්න.

අදියර 2

මේ මිශ්‍රණය හොදින් නිවුනාට පසු ශීතකරණයේ තබන්න. හොදින් සෙට් වුණාට පසු කෑමට ගැනීමට පෙර කුඩා පැකට්ටුවේ ඇති පැණි මිශ්‍රණය (ටොපිං) පුඩිම මතට වක් කරගන්න. දැන් ඔබට ලස්සණ පුඩින් භාජනයක් දැක ගත හැකියි. මම නම් භාජන දෙකකට දැම්ම. මොකද එකක් හෙට කෑමට ගන්න හිතාන. ලස්සනයි නේද? රසත් එහෙම තමා. දවසක හදල කාල බලන්නකෝ.

හරිම පහසුයි. වැඩි වියදමකුත් නෑ. කාලයත් ඉතිරි කරගෙන කිරි රස සහ පැණි රස ඇති අතුරු පසක් රස විදින්න ඔබටත් පුළුවන්. ඔබත් ඔබේ ජීවිතය විදින්න සුදානම් නම් මේ වගේ ලේසි පහසු අඩු වියදම් අතුරු පසක් රස බලා සතුට ලගා කරගන්න.

සතුටින් ඉන්න හැමෝම. ස්තුතියි ඔබ සැමට.

Sort:  

We found fruit in your post, upvoted and resteemed on @fruitjuice


I appreciate your support.

මමත් ආසම අතුරුපසක්. මේ දවස්වල පිටි කිරි නැති එක තමයි ප්‍රශ්නය . Fresh milk පිහිට තමයි

හයිලන්ඩ් කිරි පැකට් එකක් තියනවා 450g ටිකක් අඩු මිලට. මට ගාන මතක නෑ. මම බොහෝ වෙලාවට ඒක තමයි පාවිච්චි කරන්නේ මේ වගේ කෑම හදන්න.

ලංකාව මොනතරම් ප්‍රශ්න ගොඩක හිටියත් අපි දැන ගන්න ඕන අපේ ජීවිතය විදින්න

ඇත්තටම එහෙම තමයි ඉන්න ඕනා.ඒත් නිතරම මේ තියෙන ප්‍රශ්න ඔළුවේ කැරකෙනවා .😐

ඒක නම් රසවත් අතුරුපසක් වගේ .😍