රජයේ ආයතනයක කාලෙකින් දැක්ක විදිමත් වැඩක් - කොරෝනා එන්නත්කරණය - 5% to Sl Charity
ඉතින් කොහොමද කට්ටියට... ලෝකෙටම උදාවෙලා තියෙන වසංගත තත්වයත් එක්ක හැමෝම ආරක්ෂිතව ඉන්නවා ඇති කියලා හිතනවා. ඉතින් අද මං මේ කියන්න හදන කතාවත් මේ වසංගත තත්වයෙන් ආරක්ෂා වීම සදහා එන්නත් ලබාදීම සම්බන්ධයෙන්. අපි ගොඩක් වෙලාවට දැකලා තියෙන දෙයක් තමයි මේ එන්නත්කරණය සිදුකරන ස්ථානවල උදේ ඉදලා ලොකු පෝලිම් තියෙන විදිය. ඉතින් මේ පෝලිම්වල පැය ගණන් මිනිස්සු පොරකකා රණ්ඩු වෙවී යන්නේ තමන්ගේ ජිවිතේ රැකගන්න තියෙන ආසාවට. ඒ පෝලිම්වල ගොඩක් වෙලාවට ඉන්න මිනිස්සු අතර මීටරයේ පරතරයවත් නෑ. ඒ කියන්නේ සෞඛ්‍ය අංශ විසින් නිර්දේශ කරලා තියෙන මූලික දෙවල් පවා එතනම කඩවෙලා තියෙනවා. කැමැත්තෙන් හෝ අකමැත්තෙන් මිනිස්සුන්ටත් ඒ දේවල් වලට අනුගත වෙලා ඉන්න වෙලා.
ඉතින් මේ දේවල් මෙහෙම සිද්ධවෙද්දී මටත් එන්නත ලබාගන්න අවස්ථාවක් උදා උනා. රජයේ රෝහලක තිබුණු එන්නත්කරණ වැඩසටහනකට තමයි මටත් සම්භන්ධ වෙන්න අවස්ථාවක් උදා උනේ. මගේ හිතේ ඇදිලා තිබුන රූපේ තමයි TV එකේ මං දැකලා තිබුණු විදියේ මිනිස්සු පොරකන ලොකු පෝලිමක මට ඉන්න වෙන විදිය. කලින් දවසේ රෑ මං ඒ ගැන හිත හිත නිදාගත්තා. පහුවදා උදේම නැගිටලා ලෑස්තිවෙලා මං ගියා එන්නත්කරණ මධ්‍යස්ථානයට. TV එකේ දැකපු විදියේම ලොකු පෝලිමක් නැති උනත් ටිකක් ඒ හා සමාන පෝලිමක් තිබුනා. එත් ඒ මිනිස්සු අතර මීටරයේ පරතරය තියෙන විදියට පෝලිම සකස්කරලා තිබුනා. ඒ රෝහලේ ආරක්ෂක අංශය විසින් නිතරම ඒ පෝලිමේ මිනිස්සු අතර පරතරය තියාගන්න කටයුතු කලා. කොහොමහරි එදා ලොකු වෙලාවක් නොයා බෙහෙත විදගන්න පුලුවන් උනා. ඊට හරියටම මාසෙකට පස්සේ දෙවන මාත්‍රාව විදගන්න දින දුන්නා.
ඒකෙන් සති තුනක් විතර ගියාම ආරංචියක් ආවා ඒ රෝහලේ වෙබ් අඩවියෙන් දෙවන මාත්‍රාව සදහා දිනයක් වෙන්කරගන්න පුලුවන් කියලා. රජයේ ආයතනයක් කීවම ඉතින් මේ වගේ ක්‍රමානුකූල වැඩපිළිවෙලක් වෙයි කියලා හිතන්න අමාරු උනත් ඉල්ලලා තිබුණු විස්තර දාලා ඔන්ලයින් විස්තර පත්‍රිකාව පිරෙව්වා. ඒකෙන් දවස් හතරකට විතර පස්සේ මගේ ජංගම දුරකතනයට කෙටි පණිවිඩයක් මගින් දැනුම්දීමක් උනා දෙවන මාත්‍රාව ලබාදෙන දිනය, මගේ අංකය සහ පැමිණිය යුතු වෙලාව. හැමදේම පිළිවෙලට ලැබුනත් හිතේ පොඩි සැකයක් තිබුනා එදා වගේම පෝලිමක ඉන්න වෙයි කියලා. මට ලැබිලා තිබුණු දවසේ උදේම මට නැවත කෙටි පණිවිඩයක් මගින් මගේ පැමිණීම ගැන මතක් කිරීමක් සිද්ධ උනා. රජයේ රෝහලකින් මෙහෙම දෙයක් වෙන එක ගැන මටම පුදුමයක් ඇති උනා.
ඉතින් මට උදේ 9.15 වෙද්දී ඉන්න කියලා තිබුනත් උදේ 8.30 වෙද්දි මං අදාල ස්ථානයට ගියා. යද්දී පොඩි පෝලිමක් තිබුනා. මිනිස්සු මීටරයේ පරතරය තියන් ඉන්නවා. මං එතනට යද්දී සංවිධායක කමිටුවේ කෙනෙක් මගේ අංකය අහලා මාව පෝලිමේ නියමිත ස්ථානයට යොමු කරා. 8.45 වෙද්දී එන්නත්කරණය ආරම්භ උනා. ඔන්ලයින් ක්‍රමයට ලියාපදිංචි උනු අය අංක පිළිවෙලට නම් ලැයිස්තුව පරික්ෂා කරලා එන්නත් කාඩ්පත පරික්ෂා කරලා රෝහල් භූමියට ඇතුල් කරා. හැමෝම අත් හෝදන ස්ථානයකට යොමු කරලා අත් සේදුවට පස්සේ තමයි පෝලිමේ ඉදිරියට යොමු කලේ. මේ හැමදේම හරියටම වෙනවද බලන්න සංවිධායක මණ්ඩලයේ නිලධාරීන් නිරන්තරයෙන් අවධානයෙන් හිටියා. පෝලිම ඉදිරියට යද්දී තවත් ස්ථාන දෙකකදී අපේ කාඩ්පත් හා නම් පරික්ෂකරලා තහවුරු කරගැනීමෙන් පස්සේ තමයි අපිව ගොඩනැගිල්ල තුලට ඇතුළු කරගත්තේ.
ස්ථාන කිහිපයක එන්නත් ලබාදීම සිදුකල අතර කාඩ්පත් ලිවිම සදහා වෙනත් ස්ථානයක පිරිසක් යොදවා සිටියා. 9.15 ට වේලාව ලැබී තිබුණු මට 9.05 වෙද්දී එන්නත ලබාගෙන රෝහලෙන් පිටවෙන්න පුළුවන්කමක් ලැබුනේ ඇත්තටම ඒ ස්ථානයේ තිබ්බ ක්‍රමානුකුල ක්‍රියා පටිපාටිය හින්දා. හැම රජයේ ආයතනයකම මේ වහේ දේවල් වෙනවනම් මොන තරම් කාලයක් අපිට ඉතුරුකරගන්න පුලුවන්ද කියලා හිතමින් මං එන්න පිටත් උනා.
Me wage piliwelta wadak weno dakkama sathutui. Ape ammatai thathtataith vaccine eka dunna e weleth hariyatama piliwelata wade una. Smahara then wala randuth wela nisa apith baye hitiye 🤭😅
මාත් මුල්ම දවසේ බයෙන් ගියේ...
හැම තැනකටම , හැම කෙනෙක්ටම ලොකු ආදර්ශයක් 😊. විනයවත් භව සහ හොද ආකල්ප යනු අපි තුල අනිවාර්යයෙන්ම තිබිය යුතු ගුණාංග. හැම පොදු ස්ථානයකම වගේ මේ විදියට මිනිස්සුන්ව මෙහෙයවූවා නම් නිකම්ම අපේ රට හැදෙයි......❤️
ඒක ඇත්ත... ඒ උනාට ඉතින් ගොඩක් තැන්වල මෙහෙම කරනවට අකමැති පිරිසක් ඉන්නවා...
ඒක වෙන්න ඕනෙ හරිම විදිය ඒක තමයි. නැත්නම් එන්නත් ගන්න ඇවිත් මිනිස්සුන්ට වයිරස් එක අරන් ගෙදර යන්න සිද්ධ වෙන්නත් පුලුවන්.
හැම තැනකම මේ විදියටම කරගන්න පුලුවන්නම් ලොකු දෙයක්.. එත් අපේ මිනිස්සුන්ටත් එහෙම කරලා පුරුදු නෑ...
Steem Sri Lanka Discord Channel
✵✵✵✵✵✵✵✵✵✵✵✵✵✵✵✵✵✵✵✵✵✵✵✵✵✵✵✵✵
Thank you for your continuous support
හරිම සතුටුයි දකින්න ලැබීමත්..... මෙය නොවේද විය යුත්තේ....
හැමතැනම මෙහෙම වෙනවනම්.... ඒ වගේම එදා ආවනම් ඔයත් මේ විදියටම යනවා
ඇත්තටම හරිම ආදර්ශවත් . නිලධාරීන් වගේම මහ ජනතාවත් සැලකිලිමත් වෙන්න ඕන වගකීමෙන් කටයුතු කරන්න.එහෙම වුණොත් අපිට පුළුවන් ඉක්මනට මේ ව්‍යසනයෙන් බේරෙන්න . කොහොම වුණත් මේක නං ගොඩක් ගොඩාක් හොඳ ගොඩක් හොඳ දෙයක්🙏
මාත් පුදුම උනා ඒ පිළිවෙල දකිද්දී....
රජයේ සියලුම ආයතන මේ විදියට ක්‍රමානුකූලව , විධිමත්ව කටයුතු කරනවනම් මේ රට දියුණු කරන එක අමාරු දෙයක් නෙවෙයි.
අනිවාර්යෙන්ම මල්ලි... හිතුවොත් කරන්න බැරි දෙයක් නෑ
wiwasa karannath amarui .hamadama dewal me widihata wenawnam watinawa.
මටත් හිතාගන්න බැරුව හිටියේ....