පූසා සහ ගොම ගොඩ | 5% for SL Charity

in Steem Sri Lanka3 years ago (edited)

ඊයෙ ඉරිදා, සති අන්තයේ නිවාඩුව නිසා ඉතින් නිදහසේ ඉන්න දවසක්. විශේෂ වැඩකුත් නැති නිසා පොඩි වැඩකට ආරම්භයක් ගන්න අදහසක් තිබුනා.

ඒ අදහස දවස් කීපයක ඉඳලම තිබුන නිසා සෙනසුරාදා හවස තාත්තා එක්ක ගිහින් උවමනා දේවල් ටිකකුත් ගෙනාවා.

පටන් ගන්න හිතුව වැඩේ තමයි, ගෙදර එලවලු පැල ටිකක් වගා කරන එක. අද දවස ඉතින් ෆුල් වගා සීන් එකේ තමා හිටියෙ. දවසම කිව්වට හවස තමයි. මේ දවස් වල මොනවා හරි වගා කරගන්න එක ඇඟටත් හොඳයි, පොකට් එකටත් හොඳයි.

4822537B-290B-4F25-A32E-E80A13C366D2.jpeg

තාත්තා පහල ඉඩමෙන් හොඳ පස් ටිකක් කපලා අරගෙන ඇවිත් තිබුනා. පැල ලොකු උනාම, කොම්පෝස්ට් එහෙම දාලා හිටවන බලාපොරොත්තුවෙන්, එතකම් පොඩි පැකට් වලට මේ පස් පුරවලා තවන් කරන්න අපි තීරනය කලා.

ඊයෙ පැල තවානට ගියේ, කවර, බීජ පැකට් එහෙම ගෙන්න. ඒ වෙලාවෙ එයාල ලඟ තිබුන කැරට් පැල පැකට් එකක් දැකලා ඒකත් අරගෙන ආවා. අද ඒ ටික වෙන් කරලා පොඩි පැකට් වල ආයෙමත් පැල කරා.

WhatsApp Image 2022-01-24 at 23.58.54.jpeg

මම කලින් නම් මේ තරම් වගා කටයුතු වලට සම්බන්ඳ වෙලා තිබුනෙ නැ. දැන් තාක්‍ෂනයට පින් සිදු වෙන්න ඕන දෙයක් ඉක්මනට ඉගෙනගන්න පුලුවන්. යූ ටියුබ් එකේ ලන්කාවෙ අයගෙ චැනල් කිහිපයක්ම තියෙනවා, කාබනික වගාව ගැන හොඳට කියලා දෙන.

ඒ එක චැනල් එකක තිබුනා කාබනික දියර පොහොරක් ගැන. ඒකට ඕන කරන්නෙ වර්ග දෙකයි. ඇල්බීසියා/ වැට මාර/ ගිනිසීරියා කියන නම් තුනෙන්ම එක එක ප්‍රදේශ වල හැඳින්වෙන ශාකයේ කොල සහ ගොම. අම්මට කිව්වම එයා ගිහින් ගොම ටිකක් හොයාගෙන ආවා. අපේ ගමේ හරක් පට්ටි දෙකක් ඉන්නවා. ඒ නිසා ගොම ප්‍රශ්නයක් නැ. ඇත්තම හරක්ට අමතරව අපේ මල්ලිලා වගේ වස්සොත් ඉන්නව ඉතින් 😂.

025DB14D-A831-44C8-9C1E-469920E18B5B.jpeg

අපේ පූස් රජාට ඉතින් උදේට බිස්කට කාලා, උදේට කාලා ඉවර උනාම කොහේ හරි වැටන තැනකම සිහිය නැති වෙනවා. අයේ නැගිටින්නෙ, බඩගිනි උනොත් හරි, හොඳ කෑමක සුවඳක් ආවොත් හරි තමා. අම්මා ගොම එක ගෙනත්, පූසගෙ එහා පැත්තෙම තුනී කරල තිබුනත් ඌ නෙමෙයි ඒක දන්නෙවත්.. හොඳටම නිදි ඉතින් වෙනසක්වත් නැතුව.

පැල පැකට් වැඩෙන් පස්සේ, අම්මගෙ කහ පඳුරු ටිකත් තාත්තා එක්කම එකතු වෙලා ගලවල දීලම දවසෙ වැඩ ඉවර කලා.

Sort:  

එයාලා සිහිය නෑ වගේ හිටියට හෙන මීටරෙන් ඉන්නේ..

Meynm attatama sihiya na wage.. hebei lagin podi sathek giyot hri, api monawa hri eyata horen kanna haduwot hri sihiya enawa din gala 🤣

පූසා සහ ගොම ගොඩ

කොහොමද අප්පේ මේ වගේ මාතෘකා මතක් වෙන්නෙ..😄😄😄🤧
දැක්ක ගමං හිනා ගියා...

ඇත්තම හරක්ට අමතරව අපේ මල්ලිලා වගේ වස්සොත් ඉන්නව ඉතින්

පිරිමි අපට අගෞරව කරන් එපා..please.😬😬😬

කොහොමද අප්පේ මේ වගේ මාතෘකා මතක් වෙන්නෙ

Meka nidagatta hatiyata matath hina giya..

පිරිමි අපට අගෞරව කරන් එපා

dan inna podi un karana wada handunwanna wena kramayak na 😅.

අයියෝ...😥

අම්මෝ පුසෝ කරන වැඩ බලාගෙන හිටියම වෙලාව යනවා තේරෙන්නෙත් නැ ..හැබැයි ඉතින් එයාල හරි මිටරෙන් තමා ඉන්නේ

apoi ow.

වගා කරන්න හිතෙන දවස් කියන්නෙ ඇත්තටම හරිම හොඳ දවස්. එක පැත්තකින් පරිසරයට හොඳයි අනෙක අපේ හිතටයි ඇඟටයි.

ekanam atta. dawasa gane ude nagitta gaman dwagena gihin balanwa tawan karapu ewa pala welada kiyala 🙈.

hamadama wathura daana eka thama karanna amaru wade

asawen karanakota ganak na eka. tika dwasakin amma ekka duty maru karaganna hiteida dnnet na eth.

apith me tike godak ewa genalla induwa thaththa ekka

Aranchi una mage oththu sewayen 😁😉.