තරහ නරකද?

in Steem Sri Lanka6 days ago

27EABABF-6716-463A-BA50-4B84153A4EA0.jpegSource

තරහ කියන්නෙ සම්පූර්ණයෙන්ම නරක දෙයක්ද? නැහැ. තරහ කියන්නෙ කවදාවත්, නරක අහිතකර දෙයක් නෙමෙයි. අපි අපේ තරහත් එක්ක ගනුදෙනු කරන විදියෙනුයි අපි තරහ නරක දෙයක් බවට පත් කරගන්නෙ. එහෙම නැත්නම් තරහ කියන්නෙ අගෞරවයට, අසාධරණයට සහ අපි අකමැති දේ වලින් ඈත් වෙලා ඉන්න අපිට කියාදෙන දේකට. සරලවම warning sign එකකට.

හැබැයි අපි අපේ තරහ පාලනය කරගන්න නොදන්නා එකින් අපි ගොඩාක් ආදරේ කරන අපේ සම්බන්ධතා පවා අපිට සදහටම අහිමි වෙලා යන්න පුලුවන්. ඉතින් ඒ නිසා තරහ එක්ක ගනුදෙනු කරන විදිය දැනගෙන ඉන්න එක වැදගත්.

ඉතින් ඒකට මං අද ඔයාල එක්ක බෙදාගන්න යන්නෙ සරල ඒත් ඵලදායි ක්‍රමයක්. මේක තමයි traffic light model එක. Traffic lights වල තියෙන පාට තුන යොදාගෙන මේක කරන්නෙ කොහොමද කියලා මම ලියන්නම්.

රතු- අපි මුලින්ම අපිට තරහ එන්න යන බව හඳුනගන්න ඕනෙ. තරහ එනකොට අපේ ශරීරය තමයි අපේ තරහට මුලින්ම ප්‍රතිචාර දක්වන්නෙ. අපිට දාඩිය දානවා. Heart rate වැඩිවෙනවා ඔන්න එතකොට අපි දැනගන්නවා අපිට තරහ එන බව.

කහ- මෙතනදි අපි කරන්න ඕනෙ ප්‍රතිචාර නොදක්වා අපි මේ තරහ එක්ක ගනුදෙනු කරන විදිය හිතන එක. එහෙමත් නැත්නම් plan කරන එක.

කොළ- මේක තමයි අන්තිම පියවර. එතනදි තමයි අපි තරහ එක්ක ගනුදෙනු කරන්නෙ. මේකට අපිට අනුගමනය කරන්න පුලුවන් දේවල් සරල දේවල් ටිකක් පහළින් ලියන්නම්.

ඉවත් වෙලා යන්න පුලුවන් නම් එතනින් ඉවත් වෙලා යන්න.
මේ සිද්ධියේ විහිලු තැනක් තියෙනවද කියල හිතන්න
අපේ පැත්තෙන් වගෙම අනෙක් පාර්ශවය පැත්තෙනුත් හිතන්න.
ලස්සන, සතුටුදායක මොහොතක් ගැන හිතන්න
Relaxation music එකක් අහන්න
එකේ ඉඳන් විස්සට ආයෙම විස්සෙ ඉඳන් එකට ගණන් කරන්න

අනෙක් emotions වගෙම තරහ වුණත් දිගු කාලයක් ඒ විදියටම පවතින දෙයක් නෙමෙයි. අන්න ඒ නිසා ප්‍රතිචාර නොදක්වා කාලය ගැනීමෙන් අපිට අපේ තරහ එක්ක හොඳින් ගනුදෙනු කරන්න පුලුවන් වෙනවා.

තරහ නිසා ගොඩාක් දේ අවුල් කරගන්නවට වඩා, යම් කාලයක් ගන්න එකෙන් ගොඩක් පසුතැවීම් වලින් මිදෙන්න අපිට පුලුවන් වේවි. ඒ වගෙම තමයි තරහ අවියක් / උත්ප්‍රේරණයක් කරගෙන තමන්ගෙ ඉලක්ක වලට ගිය අයත් මේ ලෝකෙ ඉන්න බව මතක තියාගන්න!

Sort:  

And also rather than suppressing our anger, we can divert it to some distractions like exercising and drawing.