සංගීතේ කියන්නෙම භාවනාවක් | Music surely can heal myself

in Steem Sri Lanka4 years ago

සංගීතේ කියන්නේ මට නම් මාරම දෙයක්. මම හැමදාමත් සතුටු වෙනවා මාව එයාගේ රසිකයෙක් වුන එකට. පොඩි දුකකට කියල තියෙන්නේ ඉතින් තාලෙට පදයක්, දෙකක් කියන්න බැරි එක තමයි.

චරිත අතලගේ දවසක් කියනවා, සංගීතෙත් නිකන් ආදරේ වගේ කියල. ඊක හරි ලස්සන උපමාවක්. ඒ දෙන්නටම පුළුවන් අපේ හැඟීම් එක්ක ගනුදෙනු කරන්න. අපි ඉන්නේ දුකින්ද, සතුටින්ද, තරහින්ද, පිඩනෙන්ද කියල දෙන්නටම තේරුම ගන්න පුළුවන්. එත් එක්ක අපිව සනසන්න පුළුවන්. සමහර වෙලාවට, හින් සීරුවේ හදවත කොනිත්තන්න පුළුවන්. ඉතින් හොඳ ආදරයක් හරි සින්දුවක් හරි හම්බ වුනොත් ඒක මග හැරගන්න එක අපරාදේ..

image.png
src

මේ ලඟකදී මරු සින්දුවක් සෙට් උනා මට. වැස්ස වෙලාවක, කෝපි කෝප්පයක් එක්ක හිත අනන්තයට යවන්න පුළුවන් විදියේ කම්බිනේෂන් එකක්. ලස්සන වචන ටිකක්, හිත නිවන කටහඬක්. ඇත්තටම ඒක භාවනාවක්.

සනත් නන්දසිරි මහත්තය සමාවෙන්න ඕනි මන් මෙහෙම කිවුවට හැබැයි, මේ වර්ෂන් එක මට වැඩියෙන් දැනුන. සමහර වෙලාවට පද ටික ලිවුවා කෙනාගේ හිතේ තිබ්බ හැංගීම එලියට ආවේ මේකෙන් වෙන්න ඇති. අහල බලන්නකෝ.


ඔහේ ගලං යනවා වගේ නේද. ඔව් ඇත්ත. 100 වෙනි වතාවට වගේ අහද්දී තේරෙයි ඒ ගලාගෙන යන්නේ එයාගේ හිතේ තියෙන ආදරේ කියල.

පිරිමි හිත පොඩ්ඩක් විතර වෙනස්. එයාල ආදරේ කියල කිය කියා ඉන්නවා හරි අඩුයි. පිරිමියාට ආදරේ කියන්නෙම කැපකිරීමක්. නිකමට තාත්ත ගැන හිතල බලන්නකෝ. ආදරේ හින්දම ගොඩක් දේවල් අත් හැරලා පැත්තකට වෙලා, සතුටු වෙන මනුස්සයෙක්. තමන්ගේ සහෝදර, සහෝදරියනට, අම්මට, තාත්තට, පෙම්වතියට, ඊට පස්සේ බිරිඳට, ළමයින්ට, හැමදේම කරලා නිහඬව ඉන්න කෙනෙක්. (අම්මලත් එහෙම තමයි, එත් ඒ දෙන්න ආදරේ පෙන්නන විදිය හරි වෙනස්. සමහර විට මන් වැරදි ඇති. මට දැනිච්ච විදිය.) හැබැයි, පිරිමි කඳුලට තියෙන වටිනාකම ගොඩක් අඩුයි.

දේදුන්නේ පාට පාටින් ආදරේ බැන්දු
සංසාරේ වන්දනාවේ ප්රේමයේ ළන්දු
සන්ධ්යාවේ නිම් වළල්ලේ
මායාවී දෑස දැල්වේ
කවුරුන්දෝ ඈ නොවේදෝ
ඈ මගේ නේදෝ

දේදුන්නේ පාට වගේ වර්ණවත්ව ආදරේ දුන්න,සංසාර ගමනේ ප්‍රේමයේ කාන්තාව, ඇය මගේ. ගංගාවේ ගීතයක් වගේ, ගිම්හානයට වැහි වළාකුලක් වගේ, හිත හදන සුරංගනාවියක් උන එයට මම එක්තරා විදියක ඇබ්බහි වෙලා. ආලයෙන, රාගයෙන් මත් වෙලා. ඇය මගේ!!!

සංගීතෙට/ කලාවට , සොබාදහමට, ආදරේට ඇබ්බහි වෙන්න ට්කක්. ඔයාගේ ඇතුලේ හැංගිලා ඉන්න ඒ සන්වෙදී මනුස්සයව එලියට අරගන්න. සිත ඉබේටම නිවෙයි. එතකොට ලෝකෙත් නිවෙන්න ගනියි!!!

Thank you!
Best Regards!

Sort:  

එයාල ආදරේ කියල කිය කියා ඉන්නවා හරි අඩුයි

🙂🙂🙂 ඔවු. එතකොට බලෙන් අහගන්න ඕන කපටි වැඩක් කරල.. 😌

මං පලවෙනි පාරට ඇහුවෙ මේ සිංදුව.. සරල සංගීතයක් එක්ක සංකීර්ණ තේරුමක් ලස්සනට ගලාගෙන යනව

 4 years ago 

එතකොට බලෙන් අහගන්න ඕන කපටි වැඩක් කරල.. 😌

😛😛😛

@damithudaya Pahala comment baladdi mata theruna de nam, oya thattu kale a ayage hadawathata.... sathtui malli....

 4 years ago 

Bohoma sthuthuyi ayye....😍😍 kalayak thisse liyanna hithan hitapu ideas tkak...

මේ වර්ෂන් එක මට වැඩියෙන් දැනුන. සමහර වෙලාවට පද ටික ලිවුවා කෙනාගේ හිතේ තිබ්බ හැංගීම එලියට ආවේ මේකෙන් වෙන්න ඇති

මාත් හිතනවා... සනත් සර් වුනත් සතුටු වෙනවා ඇති මේක අහලා.... භාවනාවක් වගේ... පුදුමාකාර ගැඹුරු හඩක්... 💪 සාර්ථක කවර් එකක්...
මටත් සංගීතය නිසා ලැබුණු දේවල් ගොඩයි... මට තිබ්බ ලොකුම දුර්වල කම මට ගොඩක් තරහ යන එක... ඒත් මාව ඒකෙන් ඈත් කරේ වෙන කවුරුත් නෙවෙයි... සංගීතය 🤗

 4 years ago 

ow.... hari lassanayi meka... dan tharaha yanne nadda? 😅😅😅

Issarata wada sahenna adui 🙊

ලස්සන වචන ටිකක්, හිත නිවන කටහඬක්

මම මීට කලින් කවදාවත් මේ ගීතය අහලා නැ..එය නියමයි 🤩🤩🤩

 4 years ago 

ow.... dan abbahiyak wage eka

Your post has been upvoted by Steem Sri Lanka Community Curation Trail.

Steem Sri Lanka Discord Channel

✵✵✵✵✵✵✵✵✵✵✵✵✵✵✵✵✵✵✵✵✵✵✵✵✵✵✵✵✵

Join With
steem-sri.lanka
Curation Trail For Better Curation Rewards

සංගීතය තමයි විඩාපත් මනසකට හොදම ඔසුව

 4 years ago 

ow.... 🥰🥰🥰

මුල් ගීතයට වඩා හිතට දැනෙන්න එක හේතුවක් තමයි, සංගීතයේ දැනෙන නිස්කලංක බව​. ආදරේ කියන්නෙම කලබලයක් නැති නිස්කලංක හැඟීමක්.

 4 years ago 

ow.... hari lassnata eka sinduwen eliyata denwa

"සංගීතේ කියන්නේ මට නම් මාරම දෙයක්. මම හැමදාමත් සතුටු වෙනවා මාව එයාගේ රසිකයෙක් වුන එකට. පොඩි දුකකට කියල තියෙන්නේ ඉතින් තාලෙට පදයක්, දෙකක් කියන්න බැරි එක තමයි." ❤️

ඔයා කිව්වෙ ඇත්ත, මගේ වචනෙන් කිව්වොත්, මාත් සංගීතෙට පට්ටම ආදරෙයි. 💚 හැමදාම මාත් රසවිඳිනවා.

පුළුවන් නම් යූටියුබ් එකේ තරිඳු දම්සර බලන්න, 🎧 ඒකත් වෙනම ලෝකයක්... තව අය ඉන්නවා, දැන් එකපාරට මතක් උනේ එයාව විතරයි. 🎷 ස්තූතියි.

ජය 🥁

මෙන්න මෙයා ඇවිත් සිංදු අහන්න😱

ඒකනේ 🙊

SC 01 ta sinhala ugannanna berida???

ඔව් ඔව් මං ආවා සිංදු අහන්න. හි හි 😃

 4 years ago 

ow..... mama ahanwa eyageth, aluth parapure dakshayo set ekakma innawa dan.... 😍😍😍

පිරිමි හිත පොඩ්ඩක් විතර වෙනස්. එයාල ආදරේ කියල කිය කියා ඉන්නවා හරි අඩුයි.

ඒත් ගැහැනු අයට ඕන හැමතිස්සෙම ආදරෙයි කියල අහන්න.

සෙනෙහස හද තුල උතුරා ගලනු දැනි දැනී
තව විමසන සිරිතට නිහඬවම හිනැහෙමි

දේදුන්නේ පාට පාටින් ආදරේ බැන්දු
සංසාරේ වන්දනාවේ ප්රේමයේ ළන්දු
සන්ධ්යාවේ නිම් වළල්ලේ
මායාවී දෑස දැල්වේ
කවුරුන්දෝ ඈ නොවේදෝ
ඈ මගේ නේදෝ

මේ ලිපිය දැක්ක වෙලේ ඉදන් සිය පාරකට වඩා මේ සිංදුව ඇහුවා.

හිත කලබල වෙලා සැහෙන්න මහන්සියෙන් , කලබලෙන් ගෙවපු සතියක නිවාඩු දවසේ ආයේ පරන තත්වෙට එන්නේ කොහොමද කියල හිත හිත ඉන්නකොට දැක්කේ.

එකපාරම එක තැනක නැවතුනා වගේ. 🥺

@roshipeiris

මිනිස්සු ඇවිදගෙන ගිහින් නවතින්නේ ඇස් කැමති තැන්වල උනාට හිත් නවතින්නේ හිත් කැමති තැන්වල.❤️

 4 years ago 

🥰🥰

 4 years ago 

මේ ලිපිය දැක්ක වෙලේ ඉදන් සිය පාරකට වඩා මේ සිංදුව ඇහුවා.

ow... hariyata eka danunoth e sinduwa abbaihiyak wage!!!

සෙනෙහස හද තුල උතුරා ගලනු දැනි දැනී
තව විමසන සිරිතට නිහඬවම හිනැහෙමි

🥰🥰🥰🥰

මම අහල තියෙනව මේ ගීතය.ගොඩාක් ලස්සන යි