We Will Miss You Anji....❤️
ඉතින් යාළුවනේ බංගලාදේශ කණ්ඩායම සමග පසුගියදා අවසන් වුණු පළමු ටෙස්ට් තරඟය ශ්‍රී ලංකා ක්‍රිකට් රසිකයින්ගේ දෙනෙතට කඳුළු ආපු තරගයක් කිව්වොත් නිවැරදියි. ශ්‍රී ලංකා කණ්ඩායමේ එන්ජිම , ඒ වගේම ශ්‍රී ලංකා කණ්ඩායමට බිය වූ විශිෂ්ඨ නායකයෙක් වුන ඇන්ජලෝ මැතිව්ස් පසුගියදා තරගයෙන් පසු ජාත්‍යන්තර ටෙස්ට් පිටියට සමු දුන්නා.කවුරුහරි මගෙන් ඇහුවොත් ශ්‍රී ලංකා කණ්ඩායමේ මේතාක් හිටපු හොඳම තුන් ඉරියව් ක්‍රීඩකය කවුද කියල, ක්‍රීඩකයන් තුන් දෙනෙක් පිළිවලින් මා සතු වෙනව.ඉන් පළමු තැන master blast සනත් ජයසූරියටත්, දෙවෙනි තැන තිලකරත්න දිල්ශාන්ටත්, තෙවැනි තැන අද කතාවේ නායකයා ඇන්ජලෝ මැතිව්ස්ටත් හිමිවෙනවා.මැතිව්ස්ට ආපු ආබාධ නැති වුණා නම් මම හිතනවා ජාත්‍යන්තර ක්‍රිකට් පිටිය තුළ ඔහු ලොකු වෙනසක් කරාවි කියලා.මොකද මැතිව්ස් ආපු කාලේ පිත්තෙන් වගේම පන්දුවෙනුත් විශිෂ්ට දස්කම් දක්වපු ක්‍රීඩකයෙක්.ඒ වගේම පන්දු රැකීමෙනුත් ඔහු මොන වගේ තත්ත්වයක හිටියද කියල මැච් බලපු කට්ටිය දන්නවා.
අවාසනාවට දිගින් දිගටම ආපු ආබාධ නිසා ඔහුට ජාත්‍යන්තර එකට පිටිය තුළ ලොකු දෙයක් කරන්න පුළුවන් උනාද කියලා සැකයක් තියෙනවා.කෙසේ වෙතත් ඔහුගෙන් ලබා දෙන්න පුළුවන් උපරිමය දෙන්න බැරි වුණා කියලා නම් මට හිතෙනවා.මොකද මැතිව්ස් කියන්නේ ශ්‍රී ලංකා කණ්ඩායමේ මම දැකපු great match finisher කෙනෙක්. ජයග්‍රහණයක් පෙනෙන තෙක් මානක නොතිබුණු තරගයක් ලසිත් මාලිංග සමග එක්වෙලා ප්‍රබල ඕස්ට්‍රේලියානු කණ්ඩායමට එරෙහිව ඕස්ට්‍රේලියාවේදී ජයගන්නත්, Champions Trophy තරගාවලියේ ඒවර ශූරයන් වූ ප්‍රබල එංගලන්ත කණ්ඩායමට එරෙහිව විශිෂ්ට පිතිකරණයක් දියත් කරමින් ඒ තරඟය ජය ගැනීමටද පුරෝගාමියා වීමටත් නවසීලන්ත තරඟයකදී දවස් දෙකක් පුරාවට කුසල් මෙන්ඩිස් සමග එක්ව විශිෂ්ට සබඳතාවක් පවත්වා ගමින් තරගය ජය පරාජයෙන් තොරව බේරා ගැනීමත් මැතිව්ස් පෙන්නු විශිෂ්ට දක්ෂ සහ අතරින් මගේ මතකයේ තිබෙන තරඟයන් කිහිපයක්.ඉතින් ගොඩක් වෙලාවට මුරලිදරන්ට මහේලට වගේ බංගලාදේශ තරඟයේනුත් මැතිව්ස්ට ජයග්‍රහණය සමුදීමක් දෙන්න පුළුවන් වෙයි කියලා හිතුනට ඒක සිදු වූයේ නෑ.කොහොම හරි තරඟය ජය පරාජයෙන් තොරව ගාල්ල ජාත්‍යන්තර ක්‍රීඩාංගණයේදී වසර දොළහකට පසුව අවසන් උනා.ඉතින් මැතිව්ස් කියන්නේ ශ්‍රී ලංකා ක්‍රිකට් වලට වගේම ජාත්‍යන්තර ක්‍රික්ට් වලටත් කිසිදා අමතක නොවෙන නාමයක්.