PBKS OR RCB
ඉතින් හැමෝම පරිස්සමෙන් ඇති කියලා හිතනවා. මේ වෙනකොටත් ක්‍රිකට් රසිකයන් IPL නිසා උන්මාදයට පත්වෙලා තමයි ඉන්නේ.අවසන් මහා තරගය punjab Kings කණ්ඩායම සහ RCB කණ්ඩායම් අතර මේ වන විට පැවැත්වෙමින් තිබෙනවා.කවුරුවත් බලාපොරොත්තු නොවූ විදිහට මුම්බායි ඉන්දියන්ස් කණ්ඩායම පරාජයට පත් කරමින් පෙරළිකාර ජයක් punjab Kings කණ්ඩායම ලබාගත්තේ වසර 11 කට පසුව අවසන් මහා තරගයකට සුදුසුකම් ලබමින්.ඉතින් punjab kings කණ්ඩායමේ මේ පෙරලිකාර පිබිදීම පසුපස එක් විශාල පවුරක් ඉන්නවා. ඒ තමයි නායක sheryas Iyer. ඔහු නිකම්ම නිකන් නායකයෙක් නෙවෙයි.පංජාබ් ඉතිහාසයේ
වැඩිම ගාණක් වියඳම් කරලා කෝටි 26.75ක් දීලා
ප්‍රිතී සින්ටා ඇතුලු පංජාබ්ලා මේ පාර ක්‍රීඩක වෙන්දේසියේදි ගත්ත,වටිනාම තීරණය තමයි මේක.
කාලයක් තිස්සේ Playoffs හීනයක් වෙලා තිබ්බ හැමදාම වගේ Points Table එකේ අඩියෙම හිටිය
පංජාබ්ලා අවුරුදු 11කට පස්සේ ෆයිනල් ගේන්න
ලොකුවටම හේතු වුන මනුස්සයා..වියදම් කරපු එක රුපියලක්වත් අපතේ නොයන තැනට පොර
පංජාබ්ලා ඔසවා තැබුවා. ඒ විතරක් නෙවෙයි.Iyer නායකත්වයේ උපරිම හැකියාවන් මනාව ඔප්පු කරපු ක්‍රීඩකයෙක්.
- 2019දී අවුරුදු 7කට පස්සේ දිල්ලිය Playoffs අරන් ආවා.
- 2020දී ඉතිහාසයේ ප්‍රථම වතාවට දිල්ලිය ෆයිනල් අරන් ආවා.
- 2024දී අවුරුදු 10කට පස්සේ කොල්කටාව ශූරයින් කරා.
ඉතින් දැන් අවුරුදු 11කට පස්සේ,
පංජාබය ෆයිනල් අරන් යන්න ඔහු සමත් වෙනවා.දවසක මේ පෙරළිකාර ක්‍රීඩකයා යන්නේ ඉන්දියාවේ හොඳම කැප්ටන් කෙනෙක් වෙලා කියලනම් බය නැතුව කියන්න පුළුවන්.මං ආසාවෙන් බලන් ඉන්නවා පන්ජාබ් කණ්ඩායම මෙවර ශූරයන් වෙලා ප්‍රථම වතාවට IPL කුසලානයක පහස විඳිනවා බලන්න.ඉතිං අපි බලමු ඒක එහෙම වේවිද කියලා.