Orange Army

in Steem Sri Lanka10 days ago

1000169123.png
source

ඉතින් මේ දවස් වල යන්නේ IPL භිෂණය නිසා ලංකාවේ ක්‍රිකට් රසිකයිනුත් ගොඩක් ඒ පැත්තට නැඹුරු වෙලා තමයි ඉන්නේ.කොහොමත් ඉතින් අකමැති උනත් මාස එකහමාරක් විතර යනකන් තරගාවලිවල අඩුවක් නම් තියෙනවා IPL නිසා.ශ්‍රී ලංකා කණ්ඩායමේ ක්‍රීඩකයන් කිහිප දෙනෙකුත් මෙවර IPL තරගාවලියට සම්බන්ධ වෙලා ඉන්නවා.ගොඩක් ලොකු කැමැත්තක් නැති උනත් ක්‍රිකට් වලට තියෙන ආසාව නිසාත් බලන්න වෙන තරග නැති නිසාත් IPL බලන කෙනෙක් තමයි මමත්.කණ්ඩායම් අටක් සහභාගිත්වයෙන් ආරම්භ වුණු IPL තරගාවලිය මේ වන විට කණ්ඩායම් දහයකින් සමන්විත වෙනවා.

ඉතින් මම හිතුවා මෙවර IPL තරගාවලියේ එක එක කණ්ඩායම් ගැන වෙන වෙනම Article වලින් පොඩි පැහැදිලි කිරීමක් කරන්න.මෙවර සම්බන්ධ වෙලා තියෙන කණ්ඩායම් සියල්ලම වගේ දක්ෂ ක්‍රීඩකයන්ගෙන් සංයුක්ත වෙලා ඉන්නවා.ඒ නිසා තරගකාරී බවත් ගොඩක් දුරට වැඩිවෙන්න පුලුවන්.ඒ කොහොම වුනත් වෙනද වගේම මෙවරත් මගේ කණ්ඩායම නම් Kolkata Night Riders.නමුත් අද මම ලියන්නේ මගේ දෙවැනි තෝරා ගැනීම ගැන.ඒ තමයි මෙවර විශිෂ්ටම ක්‍රීඩකයන්ගෙන් සමන්විතයි කියලා බය නැතුව කියන්න පුළුවන් , දැඩි ප්‍රවේගකාරී පිතිකරන බලඇණියකින් සමන්විත Sunrises Hyderabad කණ්ඩායම.කාව්‍යා මාරන්ගේ හිමිකාරීත්වය යටතේ තියෙන මේ කණ්ඩායමේ පුහුණුකාරීත්වය දරන්නේ නවසීලන්ත කණ්ඩයමේ හිටපු නායක ඩැනියෙල් විටෝරී.ඒ වගේම කණ්ඩායමේ නායකත්වය පැට් කමින්ස් විසින් දරන අතර ඔවුන් ගියවරත් අනුශූරයින් බවට පත්වුනේ වාර්තා කිහිපයක් ද තියමින්.ඒ වගේම මේ කණ්ඩායම 2016 වසරේ ශූරයින් බවට පත්වීමටද සමත් වුණා.කොහොම වුණත් Orange Army එක මෙවර නම් ඉනිමකදී කණ්ඩායමක් ලබාගත් වැඩිම ලකුණු වල වාර්තාව නම් කඩනවා කියලා ෂුවර්.

Sort:  

TEAM 7 ¡Congratulations! This post has been voted through steemcurator07. We support quality posts, good comments anywhere and any tags.

1000098952.png

Curated By: @muzack1