MI on Roar

in Steem Sri Lanka8 days ago

1000017485.jpg
source

ඉතින් ක්‍රිකට් රසිකයන් බොහොම උද්යෝගයෙන් බලාගෙන සිටි තවත් තරගයක් පෙරේදා දිනයේ පැවැත්වුණේ Mumbai Indians කණ්ඩායම සහ Gujarat Titans කණ්ඩායම අතරයි. එම කණ්ඩායම් දෙක මෙවර points table එකේ තුන හතර යන ස්ථාන වෙන්කරගෙන තිබුණ නිසා අර්ධ අවසන් පූර්ව වටේදී ඔවුන්ට තරග දෙකක් ක්‍රීඩා කිරීමට සිදුවෙනවා.ඉතින් කොහොම හරි පංජාබ් කින්ස් කණ්ඩායමට එරෙහිව රෝයල් චැලෙන්ජර්ස් කණ්ඩායම ලබාගත් ජයග්‍රහණය නිසා ඔවුන් කෙලින්ම අවසන් තරගයට සුදුසුකම් ලැබුවා.ඉතින් පන්ජාබ් කින්ස් කණ්ඩායමට අවසන් මහා තරගයට තේරී පත්වීමට තවත් අවස්ථාවක් ඉතුරු වෙලා තියෙනවා.ඉතින් ඒ මොන කණ්ඩායමත් එක්ක සෙල්ලම් කරලද කියන තීරණය වුනේ මුම්බායි හා ගුජරාට් කණ්ඩායම් අතර තරඟයෙන්.

ඉතින් මේ තරඟයේ විශේෂත්වය බට්ලර් වෙනුවට කුසල් මෙන්ඩිස්ට අවස්ථාවක් හිමි වුණේ IPL පිටිය තුළ තම දස්කම් පෙන්වීමට හොඳ අවස්ථාවක්ද ලබා දෙමින්.කොහොම හරි ප්‍රථමයෙන් පන්දුවට පහර දුන් මුම්බායි කණ්ඩායම ප්‍රබල ඉලක්කයක් ගුජරාට් කණ්ඩායමට ලබා දුන්නේ පන්දු වාර විස්ස අවසානයේ කඩුලු පහක් දැවී ලකුණු 228ක් ලබා ගනිමින්.කණ්ඩායමෙන් නැංගුරම වූ රෝහිත් ශර්මා ලකුණු අසූවක් රැස්කරේ පන්දු පනහකදී.ලකුනු 229ක දැවැන්ත ඉලක්කයක් ප්‍රබල මුම්බායි කණ්ඩායමේ පන්දු යවන්නන් හමුවේ හ්ඹායාමට පැමිණි ගුජරාට් කණ්ඩායමට සාර්ථක ආරම්භයක් ලබා දෙන්න කුසල් මෙන්ඩිස් සමත් වුණත් ඔහුගේ අවාසනාව ඊට එරෙහි වුණේ hit wicket එකකට ගොදුරු වීමත් සමගයි.මේ අනුව ඔහුගේ ඉනිම ලකුනු 26ට සීමාවූ අතර ගුජරාට කණ්ඩායමට පන්දු වාර විස්ස අවසානයේ ලබා ගැනීමට හැකිවූයේ ලකුනු 208ක් පමණයි.ඒ අනුව මුම්බායි කණ්ඩායම අවසන් තරඟයට තේරී පත්වීමට නම් අද පංජාබ් කණ්ඩායම පරාජය කළයුතු වෙනවා.ඉතින් අපි බලමු මොකක්ද වෙන්නෙ කියල.