Masters League

in Steem Sri Lanka3 days ago

1000158691.jpg
source
ඉතින් මාස පහක ශ්‍රී ලංකා ක්‍රිකට් විරාමයට පොඩි හෝ සහනයක් ගෙන දෙමින් අපේ වාසනාවට Masters League තරගාවලිය ආරම්භ වෙලා තියෙනවා. ඉතින් මේ තරගාවලියට ඉන්දියාව, ශ්‍රී ලංකාව ,ඕස්ට්‍රේලියාව ,දකුණු අප්‍රිකාව ,එංගලන්තය සහ බටහිර ඉන්දීය කොදෙව් රටවල් සම්බන්ධ වෙලා තියෙනවා.ඉතින් ඒ ඒ රටවල legendary ක්‍රීඩකයන්ගෙන් ඇතුළත් වුණු කණ්ඩායම් තමයි මේ තරගාවලියට ඇතුලත් කරලා තියෙන්නේ.ඉතින් ඉන්දියාවේදී පැවැත්වෙන මෙම තරගාවලිය ඊයේ ආරම්භ වුණේ ශ්‍රී ලංකාව හා ඉන්දියාව අතර තරඟයෙන්.ඉන්දියා කණ්ඩායම Master blaster සචින් තෙන්දුල්කාර් විසින් මෙහෙයවන අතර ශ්‍රී ලංකා කණ්ඩායම එතෙක් මෙතෙක් බිහිවූ සුපිරිම ශ්‍රී ලංකාවේ වගේම ලෝක ක්‍රිකට් වල වමත් පිතිකරුවා කුමාර සංගක්කාර විසින් මෙහෙයවනව.

ඉතින් ශ්‍රී ලංකා කණ්ඩායමට තිලකරත්න දිල්ෂානුත් සම්බන්ධ උනානම් තවත් ප්‍රබල වෙන්න තිබුණයි කියලා මට හිතෙනවා.කෙසේ හෝ මේ කණ්ඩායමත් හොඳ බැලන්ස් කණ්ඩායමක්.කොහොම හරි ගොඩක් කාලයක් තිස්සේ කුමාර සංගක්කාර ආයෙත් සෙල්ලම් කරනවා බලන්න තිබුණු ආසාව ඒ විදියට නැවතත් ඉෂ්ට වුණේ ඊයේ තරඟයෙන් විශිෂ්ට අර්ධ ශතකයකුත් සංඝා විසින් ලබා ගැනීමත් සමගයි.ඊයේ පටන් ගත්ත තරගාවලිය සුපිරි ආරම්භක තරඟයකින් සමන්විත වුණේ කණ්ඩායම් දෙකම හොඳ තරගකාරීත්වයෙන් යුතුව තරග කිරීම නිසා.ඒ අතරින් ඉන්දියා කණ්ඩායමේ ක්‍රීඩකයන්ගේ පන්දු රැකීම ඉතා ඉහළ තත්ත්වයක දකින්න ලැබුණා.ඉතින් පළමුවෙන් පහර දුන් ඉන්දියා කණ්ඩායම පන්දු වාර විස්ස අවසානයේ ලකුනු 222 ක දැවැන්ත ලකුණු පුවරුවක් නිර්මාණයක් කළේ ශ්‍රී ලංකා කණ්ඩායමේ ජයග්‍රාහී බලාපොරොත්තු මදකට අමතක කරමින්.නමුත් ලේසියෙන් පරාජය භාර ගැනීමට අකමැති වූ ශ්‍රී ලංකා කණ්ඩායම අවසන් පන්දුවාරය තෙක් තරගයේ තරගකාරීත්වය වැඩි කරමින් ඉන්දියා කණ්ඩායමට ප්‍රබල අභියෝගයක් ලබා දුන්නත් අවසානයේ අවාසනාවන්ත විදිහට ලකුණු හතරකින් පරාජය භාර ගැනීමට ශ්‍රී ලංකා කණ්ඩායමට සිදුවුණා.ඒ අයවලින් පළමු තරඟය ලකුණු හතරක තියුණු ජයක් ලබා ගැනීමට ඉන්දියා කණ්ඩායම සමත් වුණා.ඉතින් අපි බලමු ඉදිරි තරඟත් කොයි ආකාරයකින් තරගකාරී වේවිද කියලා.