Klaasen & Pooran
මේ දවස් ජාත්‍යන්තර ක්‍රිකට් පිටියට නම් එච්චර හොඳ දවස් නෙමෙයි. මොකද ක්‍රිකට් ලෝකයේ නම් දැරූ අති විශිෂ්ට ක්‍රීඩකයින් එක දිගට ජාත්‍යන්තර ක්‍රිකට් පිටියට සමුදෙන්න් පටන්ගෙන තියෙනවා.ඉතින් මං කලින් article එකක ලිව්ව වගේ විරාත් කෝලිගෙ සමුදීමත් සමග ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායමට බිහිවූ විශිෂ්ටතම තුන් ඉරියව් ක්‍රීඩකයෙක් වන ඇන්ජලෝ මැතිව්ස්ද ජාත්‍යන්තර ක්‍රිකට් පිටියට සමුදීම නිවේදනය කළා.ඔවුන්ගේ වයසත් එක්ක ජාත්‍යන්තර ක්‍රිකට් පිටියට සමුදීම ගැන සලකා බලන්න පුළුවන් වුනත් ඊයේ පෙරේදා නිවේදනය කරනු ලැබූ klaasen ගේ සහ pooran ගෙ සමුදීමත් එක්ක මාත් යම්තාක් දුරකට ශොක් උනා.මොකද ඔවුන්ට තව වයස තියෙනවා , ඒ වගේම ජාත්‍යන්තර ක්‍රිකට් පිටිය තුළ ඉන්නම ඕන ක්‍රීඩකයන් දෙදෙනෙක් තමයි ඒ.
Klaasen ගැන ලොකුවට කතා කරන්න ගන්නේ ipl පිටිය තුල sunrises කණ්ඩායම එක්ක එකතු වෙමින් පෙන්වූ සුවිශේශී දක්ශතා නිසයි.ඒ වගේම ජාත්‍යන්තර පිටිය තුළ වැඩි තරඟ ප්‍රමාණයක් ක්‍රීඩා කළේ නැතත් ඔහු ක්‍රීඩා කළ තරග වල තමන්ගේ නම හොඳින් මිනිසුන්ගේ සිත් තුළ පැළපදියම් කරන්න klaasen සමත් වුනා.එක්දින පිටිය තුල තරග 60 ක්‍රීඩා කළ තිබෙන Klaasen තම පිතිකරන සාමාන්‍ය 40ට ඉහළ අගයල පවත්වාගන්න සමත් වෙලා තියෙනවා.ඉතින් මම වැඩියෙන්ම ශොක් වුනේ Klaasen විසින් ගත් තීරණයටත් වඩා බටහිර ඉන්දීය කොදෙව් කණ්ඩායමේ අනාගතය ගැන බලාපොරොත්තු තියාගෙන සිටි Pooran ජාත්‍යන්තර ක්‍රිකට් පිටියට සමුදීමට ගත් තීරණය ගැනයි.තවම අවුරුදු 29ක් වුනු Pooran තම ක්‍රිකට් දිවියේ හොඳම හරියෙදි ජාත්‍යන්තර ක්‍රිකට් පිටියට සමුදීම ගැන මට නම් ඇත්තටම තියෙන්නෙ කලකිරීමක්.ඔහු ජාත්‍යන්තර එක්දින තරඟ 61දී තම පිතිකරණ සාමාන්‍යය 40ක තරම් ඉහල අගයක පවත්වාගන්න සමත් වෙලා තියෙනවා.ඉතින් domestic ක්‍රිකට් නිසා ක්‍රීඩකයින් මේ වගේ තීරණ ගන්නවා නම් ජාත්‍යන්තර ක්‍රිකට් වලට තියෙන්නෙ සුළු කාලයක් විතරයි.