KKR Eliminated
ඉතින් හැමෝම පරිස්සමෙන් ඇති කියලා හිතනවා.ඉතින් අද ලියන්න යන්නේ මට නම් පෞද්ගලිකව එච්චර සතුටුදායක article එකක් නෙවෙයි. ඉන්දියාව හා පාකිස්ථානය අතර ඇති වූ යුධමය වාතාවරණය හමුවේ ඉන්දියාවේ IPL තරගාවලිය තාවකාලිකව නවතාදැමුවේ ක්‍රිකට් රසිකයින් බොහෝ ප්‍රමාණයක් කනස්සල්ලට ලක් කරමින්.ඉතින් කොහොම හරි නැවතත් ipl තරගාවලිය ආරම්භ වුණත් විදෙස් ගත ක්‍රීඩකයින් කිහිපයක් නැවත තරගාවලිය හා සම්බන්ධ වීම ප්‍රතික්ෂේප කර තිබුණා.එහි ප්‍රතිඵලයක් ලෙස කුසල් මෙන්ඩිස්ටත් Gujarat Titans කණ්ඩායම හා සම්බන්ධ වීමට අවස්ථාව සැලසුණා.කොහොමහරි මෙවර තරගාවලිය ටිකක් විශේෂ වුණේ කලින් තරගාවලිවල එතරම් දක්ෂතා අතර නොසිටි කණ්ඩායම් මෙවර තරගාවලියේදී සුවිශේෂී දක්ෂතා පෙන්වීමත් සමඟයි.ඒ අනුව පංචාබ් කින්ස් කණ්ඩායම සහ රෝයල් චැලෙන්ජර්ස් කණ්ඩායමත් සිටිනවා.
ipl තරග ඉතිහාසයේ සාර්ථකම කණ්ඩායම් තුනක් ඉන්නවා.අවාසනාවට ඒ කණ්ඩායම් තුනෙන් කණ්ඩායම් දෙකක් මෙවර ආරම්භයේම තරගාවලියෙන් ඉවත් වෙන්නේ රසිකයින් දැඩි කනස්සල්ලට පත්කරමින්. චෙන්නයි කණ්ඩායම මුලින්ම තරගාවලියෙන් ඉවත් වෙන්නේ ඔවුන් තරගාවලිය පුරා එතරම් සාර්ථක නොවූ අතර දක්ෂතා අතර ක්‍රීඩකයන් සිටියෙත් නොමැති නිසා.ඉතින් ඊට පසුව KKR කණ්ඩායම කියන්නේ ගියපාර ipl තරගාවලියේ ශූරයින්.ඔවුන් ගියවර තරගාවලියට සම්බන්ධ උනේ අයියර්ගේ නායකත්වයෙන් යුතුවයි.නමුත් මෙවර නායකත්වය වෙනසක් සමග රහනේ කණ්ඩායම් මෙහෙයවූ අතර තරගාවලිය පුරා ඔවුන්ට සාර්ථක වෙන්න එතරම් ඉඩ ලැබුණේ නැහැ.ඒ අනුව අවාසනාවට ඔවුන්ට ඊයේ තිබුණු තරගයත් වැස්සට සේදී ගියේ playoff තරග වටේ සිහින සියල්ල බොද කරමින්.ඒ අනුව තරගාවලියෙන් ඉවත්වන දෙවන කණ්ඩායම බවට KKR කණ්ඩායම ඊයේ පත්වුණා.අපි බලමු මෙවර තරගාවලිය කුළුඳුල් ශූරයෙකුගේ අතට යාවිද කියලා.