Graeme Smith

in Steem Sri Lankalast month

1000015496.jpg
source

ඉතින් හැමෝම පරිස්සමින් ඇති කියලා හිතනවා.අද ලියන්න යන්නේ මම ආසම කණ්ඩායමක ආසම ක්‍රීඩකයෙක් ගැන.මම මොහු ගැන කලින් ලියලා තියෙනවා.හැබැයි අද ලියන්නේ ඊට වඩා වෙනස් දෙයක් ගැන.මොහු ගැන මේ විස්තරය මට අහන්න ලැබුණේ සමාජ මාධ්‍ය ජාලාවලින්.ස්මිත් කියන්නේ කණ්ඩායමට ගොඩක් අඩු වයසෙන් ඇතුලත් වෙන්න අවස්ථාව ලැබුණු ක්‍රීඩකයෙක්.ඉතින් ශෝන් පොළොක්ගේ හිස් වූ නායකත්වයට එක්වරම smith යෝජනා වෙන්නේ අවුරුදු විසි දෙකක්ව තිබූ වයසකදී.ඉතින් ඔහුට ලැබෙන පළවෙනි දරුණු අභියෝගය තමයි එංගලන්ත සංචාරය.එහිදී එංගලන්ත කණ්ඩායමේ නායක නසීර් හුසේන් පොඩි කින්ඩියකුත් දාලා තියෙනවා ඔහු දකුණු අප්‍රිකාවේ නායකයා කවුද කියලවත් දන්නේ නෑ කියලා.ඉතිං ඒ සියල්ලටම පිත්තෙන් හොඳට උත්තර ලබාදෙන ස්මිත් ද්විත්ව ශතක දෙකක් තරගාවලියේදී ලබා ගන්නේ තමන් කවුද යන්න හොඳින් එංගලන්ත කණ්ඩායමට පෙන්වා දෙමින්.

එපමණක් නෙවෙයි ඒ තරග සංචාරයෙන් පසු නසීර් හුසේන්ට කණ්ඩායම් නායකත්වයෙන් අස් වෙන්නත් සිද්ධ වෙනවා.ඉතින් ස්මිත් නිසා නායකත්වය අහිමි වෙන පළවෙනි නායකයා මොහු නෙමෙයි.Anderw Struss , Michel Vaughen නායකයන් දෙදෙනාටත් වෙන්නේ මේ සෙතේම තමයි.ස්මිත් නායකයෙක් විදියට ලබපු හොඳම සහ පෙරලිකාරම ජයග්‍රහණය තමයි , ඕස්ට්‍රේලියානු තරග සංචාරය.වසර දාසයක් පුරාවට තමන්ගේ රට තුළදී කිසිම ටෙස්ට් තරගාවලිය පරාජයක් නොලද ඔස්ට්‍රේලියානු කණ්ඩායම පරාජය කරමින් එවකට සිටි ප්‍රබලතම කණ්ඩායම තමන් බව ඔප්පු කිරීමට ස්මිත ප්‍රමුඛ දකුණු අප්‍රිකා කණ්ඩායම සමත් වුණා.ස්මිත් තමන්ගේ හොඳම කාලයේදී ජාතික කණ්ඩායමට සමුදෙනවා, ඒ වයස අවුරුදු තිස්තුනක්ව තිබියදී.ඒ වන වන විටත් ඔහු ජාත්‍යන්තර ටෙස්ට් ලකුනු 9000 පසු කරලා හමාර අතර පිතිකරන සාමාන්‍යයත් 50ට ආසන්නව ලබාගෙන ඉඳලා තියෙනවා.ඔහු ඇත්තටමත් මම දැකපු විශිෂ්ට ක්‍රීඩකයෙක්, ඊටත් එහාට සුපිරි නායකයෙක්.