GLADIATORS රස්නේ😍😎 - 5% FOR SL CHARITY
හැමෝම පරිස්සමෙන් ඇති කියල හිතනවා. මේ දවස් ටිකනම් LPL උන්මාදය හොදටම දැනෙන දවස් කීපය. කෙහොමහරි පලවෙනි අවසන් පූර්ව තරඟය පැවැත්වුනේ Dambulla Giants හා Colombo Stars කණ්ඩායම් දෙක අතර. ඒම තරඟයෙන් කඩුළු හයක විශිෂ්ට ජයක් ලබාගත් Dambulla Giants කණ්ඩායම අවසන් තරඟය සඳහා බලාපොරොත්තු රඳවා ගැනීමට සමත් වූ අතර Colombo Stars කණ්ඩායමට තරඟාවලියෙන් ඉවත් වීමටත් සිදුවුණා. දවල් වරුවේ තිබුණු ඒ් තරඟය ඒසේ අවසන් වුණ අතර කවුරුත් දෑස් දල්වාගෙන බලා සිටි තරඟය පැවැත්වුණේ ඊසේ දිනය රාත්‍රියේදීයි. ඒම තරඟය පැවතියේ මෙතෙක් තරඟාවලියේ ප්‍රබලම කණ්ඩායම් දෙක වන Jaffna Kings සහ Galle Gladiators කණ්ඩායම් දෙක අතරයි. ඉතින් ඒම තරඟය ගැන ටිකක් ලිව්වනම් හොදයි කියල හිතුණා.
මෙම තරගාවලගිය තුළ ජැෆ්නා කණ්ඩායම අවස්ථා දෙකකදී ගාලල් කණ්ඩායම සමඟ තරඟ වැදුණු අතර ඒම තරඟ දෙකම පරාජය වීමට ඔවුන්ට සිදුවුණා. නමුත් ගාල්ල කණ්ඩායමට වඩා ජැෆ්නා කණ්ඩායම තම දක්ෂතා තරඟවලිය පුරා අනෙක් කණ්ඩායම් වලට ඒරෙහිව පෙන්වීමට සමත් වුණා. ඉතින් ඊයේ පැවති තරඟය ජැ්‍ෆ්නා කණ්ඩායම ජයගෙන අවසන් තරඟයට එසුදුසුකම් ලබන පළමු කණ්ඩායම Jaffna Kings වනු ඇතැයි ගොඩක් ක්‍රිකට් රසිකයින් බලාපොරොත්තු වුණා. නමුත් පළමුවෙන් පන්දුවට පහරදීමට පිටියට පිවිසි Galle Gladiators කණ්ඩායමේ ආරම්භක යුවල වන දනුශ්ක ගුනතිලක සහ කුසල් මෙන්ඩිස් ජැෆ්න කන්ඩායමේ බලාපොරොත්තු යම්තාක් දුරට බිදදමමින් පලමු කඩුල්ල සඳහා ලකුණු 121 ක් විශිෂ්ට සබඳතාවක් පවත්වා ගැනීමට සමත් වුණා. දනුශ්ක ගුණතිලක ලකුණු 55ක් ලබාගත් අතර වේගවත් ලකුණු 21 ක් ලබාගැනීමට භානුක රාජපක්ශ සමත් වුණා. තරඟාවලිය පුරා තම දක්ෂතා පෙන්වූ කුසල් මෙන්ඩිස් මෙම තරඟයේ්ත් විශිෂ්ට ලකුණු 85ක් ලබාගෙන තරඟාවලියේ වැඩිම ලකුණු ලාභියා වීමට සමත් වුණා.
ලකුණු 189 ක දැවැන්ත ඉලක්කයක් හඹයාමට පිටියට පිවිසි Jaffna Kings කණ්ඩායමට රිසි ලෙස ලකුණු ලබාගැනීමට Galle Gladiators කණ්ඩායම ඉඩදුන්නේ නෑ. ගුර්භාස් ලකුණු 59ක් ලබාගැනීමට සමත් වුණු අතර වනිදු හසරංග ලකුණු 29 ක් ලබාගැනීමට සමත් වුනා. අනෙක් සියලු ක්‍රීඩකයින්ට ලකුනු 10 සීමාව පසුකරන්නටවත් ගාල්ල කණ්ඩායමේ ක්‍රීඩකයින් ඉඩ දුන්නේ නෑ. අතිවිශිෂ්ට පන්දු යැවීමක නිරත වුණු නුවන් තුශාර ලකුණු 13ට කඩුළු 5ක් දවාගැනීමට සමත් වුණා.කෙසේ හෝ අවසානයේ දිමුත් කරුණාරත්නගේ අනාවැකි සඵල කරමින් Jaffna Kings කණ්ඩායමට ඇපත් නැතිවෙන්න ලකුණු 64ක විශිෂ්ට ජයක් ලබාගෙන අවසන් තරඟය සඳහා තම ස්ථානය මුලින්ම වෙන් කරගැනීමට Galle Gladiators කණ්ඩායම සමත් වුණා.
දන් නැද්ද ඉතින් ඩාම් වෙනවා ඩූම් වෙනවා 😂⛏️
ගාල්ල තමයි ඉතින් මේ පාරනම් 🙈😍
Galle team එකට ගොඩක් කැමති භානුක ඉන්න නිසා...
රාජපක්ශලගෙන් වැඩක් තියෙන්නෙ පොර විතරයි 🙈❤️
Gallane,santhoshai ithin
ආයිත් අහල 😍🙈
Galle Gladiators ලට කැමතියි Bhanuka Rajapaksha නිසා.😍
වැඩ්ඩෙක් තමයි 🙈❤️
දැන් ඉතින් ෆයිනල් එක තනිකර යුද්ධයක් 😅💜️
උතුරයි දකුනයි 🙈😍
Muhammad Amir is one of the best bowler in the world.
Agree ❤️