FAF Du Plessis

in Steem Sri Lanka13 days ago

1000019644.jpg
source

දකුණු අප්‍රිකාව කියන්නේ ක්‍රිකට් රසිකයෙක් විදිහට මම ආසම කරන ක්‍රීඩකයින් එදා සිට අද දක්වා ක්‍රීඩා කරන කණ්ඩායමක්.මම හිතන්නේ ලංකාවක එකට විදියට ඔයාලටත් එහෙම වෙන්න ඇති.අද මම ලියන්න යන්නේ මම එහෙම ආස කරපු ක්‍රීඩකයන්ගෙන් තවත් එක් විශේෂ ක්‍රීඩකයෙක් ගැන.Du Plessis කියන්නේ මට අනුව නම් තව ටිකක් කලින් දකුණු අප්‍රිකා ජාතික කණ්ඩායමට ඇවිල්ලා තව ටිකක් පරක්කු වෙලා විශ්‍රාම යන්න ඕන ක්‍රීඩකයෙක්.මම දැකපු ලස්සන technique එකක් තියෙන ලස්සන shot තියෙන ක්‍රීඩකයෙක්.ඒ වගේම තමයි දකුණු අප්‍රිකානු කණ්ඩායමට බිහිවුණු විශිෂ්ඨ නායකයෙක්.ඉතින් මට හිතුනා අද ඒ ක්‍රීඩකයා ගැන ලිව්වනම් හොඳයි කියලා.

දැනට වයස අවුරුදු 40 වන Du plessis දකුණු අප්‍රිකා ජාතික කණ්ඩායමට වරම් දිනාගන්නේ 2011 වර්ෂයේ දකුණත් මුල් පෙළ පිතිකරුවෙක් විදියට.එම වර්ෂයේ ආරම්භ කරපු ඔහුගේ ජාත්‍යන්තර ක්‍රිකට් දිවිය වසර දහයක් පුරාවට සාර්ථකව ගෙවී යන්නේ ඔහුට පමණක් නොව දකුණු අප්‍රිකානු කණ්ඩායමටත් වාර්තා පිට වාර්තා ගෙන දෙමින්.ඉතින් ජාත්‍යන්තර ටෙස්ට් තරග 69 දී ලකුණු 4000 සීමාව ඉක්මවා යමින් තම පිතිකරන සාමාන්‍ය 40ට ඉහළින් තබා ගැනීමට මොහු සමත් වුණු අතරම එක් දින තරඟ143දී ලකුණු 5000 සීමාව ඉක්මවා යමින් තම පිතිකරන සාමාන්‍යය 45ට වැඩි ඉහළ අගයක පවත්වා ගැනීමට Du plessis සමත් වෙලා තියෙනවා.ඒ වගේම තමයි විස්සයි විස්ස තරඟ රටාව තුළ ඔහුගේ පිතිකරන සාමාන්‍යය 35ක තරම් ඉහල අගයක පවතිනවා.ඉතින් ඊටත් එහාට නායකයෙක් විදිහට ඔහුගෙන් කණ්ඩායමට සිදුවූ සේවාව ඉහළයි. ඕස්ට්‍රේලියාවේදී ඕස්ට්‍රේලියානු කණ්ඩායම තරඟ රටා තුනෙන්ම පරාජයට පත් කළ එකම කණ්ඩායම දකුණු අප්‍රිකා කණ්ඩායම වන අතර එම කණ්ඩායමට නායකත්වය ලබා දුන්නේ Du plessis විසින්. ඔහු නායකයෙක් විදියට කොච්චර සාර්ථකද කියනවනම් wining percentage එක 74ක ඉතා ඉහළ අගයක පවත්වා ගැනීමට Du plessis සමත් වෙලා තියෙනවා.ඉතින් Du plessis කියන්නෙ ක්‍රීඩකයෙක් වගේම විශිෂ්ට නායකයෙක්.

Sort:  

Congratulations!
This post has been curated by
Team #5

@damithudaya