Eshan Malinga On Fire

in Steem Sri Lanka8 days ago

1000014618.jpg
source

ඉතින් ක්‍රිකට් රසිකයින් වන ඔයාල හැමෝම පරිස්සමෙන් ඇති කියල හිතනව.අද ලියන්න යන්නෙ මේ දවස්වල ගොඩක් කතාබහට ලක්වෙන ක්‍රීඩකයෙක් ගැන.ඒ තමයි එශාන් මාලිංග.විශාන් මාලිංග IPL වරම් දිනා ගන්නෙ පළමු වතාවට.ඉතිං ඔහුව තෝරා ගත්ත එකට උපරිම සාධාරණයක් මේ කොල්ලා විසින් සිදු කරල තියෙනවා.කොහොම හරි ඔහු පිටියේ පෙන්නපු දක්ෂතා නිසා අද article එක ඔහු වෙනුවෙන් වෙන් කරන්න හිතුව.එෂාන් මාලිංග ගැන ලොකුවටම කතා වෙන්න පටන් ගත්තෙ ගිය අවුරුද්දේ අග භාගේ නමුත් ඔහුට ජාත්‍යන්තර වරම් ශ්‍රී ලංකා කණ්ඩායම වෙනුවෙන් ලැබෙන්නේ මේ වසරේ මුල.

එශාන් මාලිංගට තවමත් අවුරුදු විසි හතරයි. ඔහුගේ පන්දුව යැවීමේ ඉරියව්ව මම මෑත කාලීනව දැකපු ලස්සන ඉරියව්වක්.ඒ වගේම ඔහු සතුව හොද death ball capacity එකක් තියෙනවා. දකුණත් මඳ වේග පන්දු යවන්නෙක් වන එශාන් මාලිංග වමතින් පිත්ත හසුරුවන්නෙක්.LPL පිටිය තුළ ක්‍රීඩා කරත් එතරම් කැපී පෙනෙන ක්‍රීඩකයක් වුණේ නැහැ, ඔහුට එතරම් දක්ෂතා පෙන්වන්න තරග ලැබුනෙත් නැහැ.ජාත්‍යන්තර එක් දින පිටිය තුළ පමණක් වරම් දිනාගෙන තිබෙන එශාන් මාලිංග තරඟ පහකදී කඩුලු හතරක් පමණක් තවම දවාගෙන තිබෙනවා.ඉදිරියේදී තමන් ලබා ගන්නා experiences එක්ක අනිවාර්යෙන් ඔහුට ලොකු දෙයක් කරන්න පුළුවන් කියලා විශ්වාසයි.දැන් වැඩිපුර කතා වෙන IPL පිටිය තුල ඔහු ඉනිම් හයක දී කඩුළු දහයක් දවා ගැනීමට සමත් වෙලා තියෙනවා.Sunrises කණ්ඩායමේ තරග දිනවන්නෙක් විදියටත් එශාන් මාලිංග කටයුතු කරන අයුරු ඇත්තටම දකින්නත් සතුටුයි.මොකද එශාන් කියන්නෙ ලොකුවට experiences තියෙන කොල්ලෙක් නෙවෙයි.ඉතින් මේ ක්‍රීඩකයන් රැක ගැනීම අපේ ක්‍රිකට් ආයතනය සතුයි.අපි බලමු ඉදිරියේදී ශ්‍රී ලංකා කණ්ඩායම වෙනුවෙන් ඔහුගේ දායකත්වය කොයි වගේ වේවිද කියලා.