Brian Lara
බටහිර ඉන්දීය කොදෙව් කණ්ඩායම කියන්නේ කාලයක් ක්‍රිකට් ලෝකේ කිරුළ පැළඳි රාජ්‍යයක්. ලෝක කුසලාන කාලයක් තමන්ගේ රටේ නම ඉදිරියෙන් තබාගන්නට කොදෙව්වන් සමත් වුණේ තමන් සතුව තිබූ ප්‍රබල පිතිකරණ සහ පන්දු යැවීමේ බලඇණිය නිසා.නමුත් ඔවුන්ට ඒක දිගටම පවත්වාගෙන යාමට හැකි වුණේ නැහැ.ඉන් පසුව ඕස්ට්‍රේලියානු කණ්ඩායම සියලු රාජ්‍යයන් අභිබවා යමින් ක්‍රිකට් ලොව රජ කිරුළ තම රට ඉදිරියේ තබාගන්නට තවමත් සමත් වෙලා ඉන්නේ වැඩිම වාරයක් ලෝක කුසලාන දිනූ රට බවට පත්වෙමින්.කොදෙව්වන් ක්‍රිකට් වලින් ලෝකය හොල්ලන කාලයේ කොදෙව් කණ්ඩායමට ජාතික වරම් දිනා ගැනීමට අවුරුදු විසි එකක පොඩි කොල්ලෙක් සමත් වෙනවා.ඔහු නමින් බ්‍රයන් චාල්ස් ලාරා.ඉතින් වෙනත් රටවල් වගේම පන්දු යවන්නන් කිසිදාක නොසිතන්න ඇති මුළු ලෝකයක් පිත්තෙන් වෙනස් කෙරූ පිතිකරුවෙක් වේවි කියලා.
ඉතින් බ්‍රයන් ලාරා 1990 වර්ෂයේ තමයි ටෙස්ට් හා එක්දින යන තරග රටා දෙකම බටහිර ඉන්දීය කුදේව නියෝජනය කරමින් ජාතික කණ්ඩායමේ තැනක් වෙන් කර ගන්නේ.ඉතින් එදා සිට පුරා වසර 26 ක් බටහිර ඉන්දීය කොදෙව්ව වෙනුවෙන් තමන්ගේ උපරිමය ලබා දෙන්න බ්‍රයන් ලාරා සමත් වෙන්නේ ජාත්‍යන්තර ටෙස්ට් පිටිය තුළ ඉනිමකදී පිතිකරුවෙක් ලබාගත් වැඩිම ලකුණු වන ලකුනු 400 ක වාර්තාවද තමන්ගේ නම ඉදිරියෙන් තබා ගනිමින්.මුත්තයියා මුරලිදරන්, ෂේන් වෝන් වැනි පන්දුවෙන් ඕනෙම පිතිකරුවෙක් මෙල්ල කරන්නට සමත් පන්දු යවන්නන් පවා කිසිම මායිමකට නොගෙන පහර එල්ල කරන්න සමත් ක්‍රීඩකයෙක් තමයි බ්‍රයන් ලාරා කියන්නේ.හරි අපි ඔහුගේ පිතිකරනය ගැන පොඩ්ඩක් කතා කරමු.ජාත්‍යන්තර ටෙස්ට් පිටිය තුළ තරග එකසිය තිස් එකක් ක්‍රීඩා කර තිබෙන බ්‍රයන් ලාරා එහිදී ලකුණු 11,953 ක් ලබා ගනිමින් තම පිතිකරන සාමාන්‍ය්ය 53ක තරම් ඉහල අගයක පවත්වා ගැනීමට සමත් වෙලා තියෙනවා.එපමණක් නොවෙයි ජාත්‍යන්තර එක්දින පිටිය තුළත් ලකුනු 10000 සීමාව ඉක්මවා යමින් පිතිකරන සාමාන්‍යය 40ට ඉහළින් පවත්වා ගැනීමටත් ඔහු සමත් වෙලා තියෙනවා.ඉතින් වචනය පරිසමාප්ත අර්ථයෙන්ම බ්‍රයන් ලාරා කියන්නේ ක්‍රිකට් ලෝකයට බිහි වූූ තරුවක්.