Babar Azam
ඉතින් යාලුවනේ ක්‍රිකට් රසිකයින් , රසිකාවියන් වන ඔයාලා හැමෝම පරිස්සමෙන් ඇති කියලා හිතෙනවා.ක්‍රිකට් ක්‍රීඩකයන් ගැන ලියපු මේ ටිකේම පකිස්ථානයේ ක්‍රීඩකයන් ගැන ලියන්න වුනේම නෑ.ඉතින් අද ලියන්නෙ දැනට පකිස්ථානයේ ඉන්න දක්ෂතම පිතිකරුවා ගැන.පෞද්ගලිකව මම ගොඩක් ආස පකිස්ථානයේ පිතිකරුවන්ටත් එහා පන්දු යවන්නන්ට.ඒ අතරිනුත් වේග පන්දු යවන්නන්ට.එදා සිට අද දක්වාම පකිස්තානයේ වේගපන්දු බල ඇණිය නම් නොවෙනස්ව තබාගන්නත් විශිෂ්ට පන්දු යවන්නන් බිහිකරන්න පකිස්ථානය සමත්වෙලා තියෙනවා.ඒ වගේම පකිස්ථානයේ දක්ෂ පිතිකරුවනුත් නැතුවාම නෙමෙයි.Inzamam Ul Haq එහෙම පකිස්ථානයට ජයග්‍රහණ හිමි කරලා දෙන්න සමත් වුන පිතිකරුවන්.කොහොම හරි අද මගේ කතාවේ ප්‍රධානියා කලක් පුරාවට පකිස්ථාන කණ්ඩායම මෙහෙය වූ Babar Azam.
ඉන්දියාවෙන් Virat Kholi කියන සන්නාමය බිහිකරද්දී පකිස්තානයෙනුත් ඒ වගේම ක්‍රීඩකයෙක් සන්නාමයක් බිහිකරන්න ඕන උනා.ඉතින් ඒ විදිහට පකිස්ථානයෙන් ආපු ක්‍රීඩකයා තමයි Babar Azam.Virat Kholi තරමටම නැති උනත් Babar Azam කියන්නෙත් අති විශිෂ්ට පිතිකරුවෙක්.වාර්තා තියන්න,තරග දිනවන්න සමත් වුනු ක්‍රීඩකයෙක්.Babar Azam ටෙස්ට් පිටිය තුළ ඔහුගේ පිතිකරන සාමාන්‍යය 42ට ඉහලින් පවත්වා ගැනීමට සමත් වෙලා තියෙන අතරම එක් දින පිටිය තුළ ඉනිම් 128දී ලකුනු 6000 සීමාවද ඉක්මවා යමින් තමන්ගේ පිතිකරන සාමාන්‍ය 55ට ඉහළින් වූ දැවැන්ත අගයක පවත්වා ගැනීමට Babar Azam සමත් වෙලා තියෙනවා.විස්සයි විස්ස පිටිය තුළ පිතිකරන සාමාන්‍ය ඉහල අගයක පවත්වා ගැනීම එතරම් පහසු නැහැ නමුත් බාබර්ගේ පිතිකරන සාමාන්‍ය 40ට ආසන්නව තියෙන්නේ නැවත නැවතත් ඔහු ක්‍රිකට් ලෝකයට බිහි වූ දැවැන්ත ක්‍රීඩකයෙක් බව සනාථ කරමින්.