End Of An Era
ක්‍රිකට් ක්‍රීඩාවේ එතෙක් මෙතෙක් බිහිවූ දක්ෂතම පිතිකරුවා විදිහට ඔබ දකින්නේ කවුද කියල කවුරු හරි මගෙන් ප්‍රශ්නයක් ඇහුවොත් මා සතුව තියෙන්නේ එක පිළිතුරක් විතරයි, ඒ විරාත් කෝලි.පිතිකරුවෙක්ට තරග රටා තුනේම පිතිකරන සාමාන්‍ය 50ක අගයක කාලයක් පවත්වා ගන්නවා කියන්නෙ කරන්න අමාරු වැඩක් නෙවෙයි කරන්න බැරි වැඩක්.නමුත් ඒක විරාත් කෝලි කරලා පෙන්නුවේ තමන් ඊට සුදුසු බව පෙන්වමින්.හිතන්නකෝ විස්සයි විස්ස තරග රටාව තුළ පිතිකරන සාමාන්‍ය 50ක අගයක පවත්වා ගන්නවා කියන්නේ, අනික මේ අංක තුන ස්ථානය ක්‍රීඩා කරපු ක්‍රීඩකයෙක්.ඉතින් තරඟ රටා තුනේම අංක තුන bat කරනව කියන්නේ එච්චර ලේසි පහසු කටයුත්තක් නෙවෙයි. ලොකු pressure එකක් haddle කරන්න වගේම අලුත් පන්දුවෙ දෝලනයට හොඳින් මුහුණ දෙන්න හැකියාවද ඔහු සතුව තිබිය යුතුය.ඉතින් කෝලි කියන්නේ මේ සියල්ල සම්පූර්ණ වූ දක්ෂ ක්‍රීඩකයෙක්.
ඉතින් ඇත්තටම මම කෝලි ගැන කලින් එකපාරක් ලිව්වනෙ. ඇයි මේ ආයිත් පාරක් ලියන්නෙ.මොකද කෝලි ජාත්‍යන්තර ටෙස්ට් පිටියට සමුදීම නිල වශයෙන් නිවේදනය කරලා තියෙන නිසා.කෝලි පසුගිය විස්සයි විස්ස ලෝක කුසලානයෙන් පසුව, විස්සයි විස්ස තරග රටාවට සමු දුන්නා.මාසයක පමණ කාලයක් ඉන්දීය ක්‍රිකට් මණ්ඩලයේ බලධාරීන් සමග මේ සම්බන්ධයෙන් සාකච්ඡා සිදුකළ තිබූ අතර, ඔවුන් මේ තීරණය පිළිබඳ නැවත සලකා බලන ලෙස කෝලි දැනුම් දුන්නත්, කෝලි අද නිල වශයෙන් තම සමු ගැනීම නිවේදනයය කළා.ඒ රෝහිත් ශර්මාත් තම සමු ගැනීම නිවේදනය කර තිබූ පසුබිමකයි.කෝලි ක්‍රීඩා කල අවසන් ටෙස්ට් තරග කීපයේදී එතරම් සාර්ථක නොවුණත් කෝලි කියන්නේ වචනයේ පරිසමාප්ත අර්ථයෙන්ම අති දක්ෂ පිතිකරුවෙක්.ඔහු තරග 123දී ලකුණු 9230 ලබාගෙන තිබෙන්නේ, පිතිකරන සාමාන්‍ය 46ට ඉහළින් පවත්වා ගනිමින්.කෝලි ඉන්දීය කණ්ඩායම ටෙස්ට් තරග 68දී මෙහෙයවා තිබෙන අතර ඉන් තරග 40ක ජය ලබාගෙන තිබෙන්නේද , ඉන්දීය කණ්ඩායමේ සාර්ථකම ටෙස්ට් නායකයා තමන් බව ඔප්පු කරමින්.මම පෞද්ගලිකව කෝලි ටෙස්ට් ලකුණු 10000 ලබා ගැනීමෙන් පසුව ටෙස්ට් පිටියට සමුදුන්නානම් හොඳයි කියලා හිතනවා.නමුත් ඒ ඔහුගේ තීරණය ඉතින් දැන් අපිට කෝලි තවදුරටත් බලාගන්න පුළුවන් වෙන්නේ ජාත්‍යන්තර එක්දින පිටිය තුළදී පමණයි.