තරගාවලි ජයක්
බංගලාදේශ කණ්ඩායම සමග මේ දිනවල පැවැත්වෙන ටෙස්ට් තරගාවලියේ පළමු තරඟයෙදී ශ්‍රී ලංකා කණ්ඩායමේ මුල් පෙළ පිතිකරුවන් හොඳින් දක්ෂතා අතර සිටියත් , මැදපෙළ සහ පන්දු යවන්නන් එතරම් දක්ෂතා නොපෙන් වූනිසා ශ්‍රී ලංකා කණ්ඩායමට ගොඩක් වාසිදායක ගාල්ල ජාත්‍යන්තර ක්‍රීඩාංගණයේදී පළමු තරඟය ජය පරාජයෙන් තොරව අවසන් වුණා.ඉන් විශේෂත්වය වන්නේ ශ්‍රී ලංකා කණ්ඩායමේ ප්‍රබල දඟපන්දු යවන්නෙක් වෙන ප්‍රභාත් ජයසූරියට ගාල්ල ජාත්‍යන්තර ක්‍රීඩාංගනයේදී කඩුලු ලබා ගැනීමට නොහැකිවීමයි.ශ්‍රී ලංකා කණ්ඩායමට මේ තරගාවලිය ගොඩක් විශේෂ වන්නේ ඔවුන්ට මේ පාර ලෝක ටෙස්ට් ශූරතාවලිය සඳහා තියෙන්නේ ටෙස්ට් තරග 12 ක්පමණයි.ඒ නිසාම දෙවැනි තරගය ජයගැනීම ඔවුන්ට ගොඩක් වැදගත් වුනා, ටෙස්ට් ශූරතාවලියේ ඉදිරිය සදහා.
ඉතින් ඒ මානසිකත්වයත් සමග පැමිණි ශ්‍රී ලංකා කණ්ඩායමට මෙවරත් කාසිය වාසිය ලැබුණේ නැහැ.ඒ අනුව බංගලාදේශ නායකයා විසින් ප්‍රථමයෙන් පන්දුවට පහරදීමට තීරණයය කළත් එය පලදායි තීරණයක් නොවන බවට පත් කිරීමට ශ්‍රී ලංකා කණ්ඩායමේ පන්දු යවන්නන් වග බලාගත්තා.ඉතින් බංගලාදේශ පළමු ඉනිම සුනු විසුණු කළ සොනාල් දිනූෂ සහ අසිත ප්‍රනාන්දු කඩුලු තුන බැගින්ද විශ්ව ප්‍රනාන්දු කඩුලු දෙකක් ද ලබා ගත්තේ පළමු ඉනිමේදිත් ප්‍රභාත් ජයසූරියට කඩුලු ලබා ගැනීමට නොහැකි වීමත් සමගයි.ශ්‍රීශ්‍රී ලංකා ක්‍රිකට් අනාගතය ගැන පැහැදිලි ලකුණු පෙන්වමින් පැතුම් නිස්සංක මේ තරංගයේත් විශිෂ්ට ශතකයක් ලබාගත්තේ බංගලාදේශ කණ්ඩායමේ පන්දු යවන්නන්ට අනුකම්පා විරහිත ප්‍රහාරයක් දියත් කරමින්.පැතුම්ගේ, චන්දිමාල්ගේ සහ කුසල් මෙන්ඩිස්ගේ විශිෂ්ට පිතිකරණයත් සමග බංගලාදේශය පළමුවෙනි මට වඩා ලකුණු 210 ඉදිරියෙන් සිටිමින් 211ක ඉලක්කයක් බංගලාදේශ පිතිකරුවන්ට ලබාදුන්නේ, අවමන් සහගත ඉනිමක පරාජයෙන් බේරීමටයි.නමුත් ඉනිම් තුනක් පුරාවට කඩුලු පිපාසයේ සිටි ප්‍රභාත් ජයසූරිය මේ ඉනිමේදී එය මනාව සංසිඳුවා ගත්තේ විශිෂ්ට පන්දු යැවීමක් සමග කඩුලු පහක් ද දවා ගනිමින්.ඒ අනුව ඔවුන්ට දෙවැනි ඉනිමේදී ලබා ගැනීමටහැකිවුණේ ලකුනු 133ක් පමණයි.ඒ අනුව ශ්‍රී ලංකා කණ්ඩායම ඉනිමකින් සහ ලකුණු 78ක විශිෂ්ට ජයක් ලබාගත්තා.තරඟයේ සහ තරගාවලියේ වීරයා බවට පත්වුණේ පැතුම් නිස්සංකයි.