අලුත් අත්දැකීමක්

in Steem Sri Lanka3 years ago

IMG-20220609-WA0012.jpg

හැමෝම පරිස්සමෙන් ඇති කියල හිතනවා. මං අද ලියන්න හදන එකනම් ටික දවසකට කලින් ලියන්න ඉදපු එකක්. ඒත් ශ්‍රීලංකා කණ්ඩායම තෙවන විසායි විස්ස තරගය ජයගැනීමත් සමග මේක ලියන එක ටිකක් පරක්කු වුනා. ඉතින් මං හිතුව තවත් කල් නොයා අද මේක ලිව්වනම් හොදයි කියල. අද ලියන්නෙ අපි බලන්න ගියපු දෙවන විස්සයි විස්ස තරගය ගැන. අපි ටිකට්ගන්න ගියේ පලවෙනි මැච් එකට උනත් ඉක්මනට ටිකට් විකිනී ඉවර උන නිසා ගන්න වුනේ දෙවෙනි මැච් එකේ ටිකට් එකක්. ඒකත් හැබැයි හොදයි කියල හිතුනෙ මැච් එක බැලුවට පස්සෙ මොකෝ අපි ඉතින් අන්ත පරාජයක්නෙ වුනේ.

IMG-20220609-WA0006.jpg

කොහොමහරි දෙවෙනි මැච් එක බලන්න අපි උදේ දහයයි ගානෙ ට්‍රේන් එකේ ගියේ ටිකට් ඔන්ලයින් බුක් කරපු නිසා ඒවත් ගන්න වෙන නිසා. ඉතින් කොහොමහරි අපි කොළඹට යද්දි එක විතර වෙලා , ගිහිල්ල ටිකට් එහෙම අරන් ආයිත් කොටුවට එද්දි හතරට ලගයි. අපි තුන්දෙනාට හොද ගනන් බඩත්ගිනියි. ඉතින් එහෙන්ම කාල ආයිත් බස් එකට නැගල කෙත්තාරාමේ ක්‍රීඩාංගණයට පිටත්වුනා. අපි තුන් දෙනා ලොකුවට සල්ලි අරන් ගියෙත් නෑ ඉතින් මැච් එක බලල එදාම එන්න හිතන් හිටපු නිසා. ඒත් පිට්ටනියට ගොඩවෙන තැනදි හැමෝම වගේ ක්‍රිකට් ජර්සි ඇදන් ඉද්දි ම්ටත් එකක් ගන්න ඕනම වුනා . කොහොමහරි ඔක්කොම එකතුකරල සල්ලි.හොයාගෙන හිතට වදින ජර්සියක් අමාරුවෙන් හොයාගෙන අරගත්ත. ඉතින් ඒකත් ඇදන් තුන්දෙනාම කොඩියකුත් අරන් මැච් එක බලන්න පිට්ටනියට ගියා.
IMG-20220609-WA0011.jpg

අවාසනාවට තරගය අපි පරාජය වුනත් අන්තිම වෙනකන් ගේමක් දෙන්න අප්‍රෙ කොල්ලො ටිකට පුලුවන් උනා. ඉතින් දුක හිතුනත් ලොකුවට දුකක් දැනුනෙ නෑ. අනික මෙහෙම අත්දැකීමක් ගත්ත පලවෙනි අවස්තාව මේක. මිට ක්ලින් විස්සයි විස්ස තරගයක් බලල තිබුණ් නැති නිසාත් ලෝක ශූරයින් එක්ක තිබුන මැච් එකක් බලන්න පුලුවන් උන නිසාත් හිතට ගොඩක් සතුටුයි. මැච් එක ඉවර වෙලා එනකොට අපිට හරියටම ඉතුරුවෙලා තිබුනෙ කෝච්චියට ටිකට් ගන්න සල්ලි විතරයි. ඉතින් තුන්දෙනා එක්ක කයියක් ගහගෙන කොටුව ස්ටේශන් එකට ඇවිල්ල . එදා රෑ එතන බොරු කිය කිය ගතකරා. ඊට පස්සෙ දවසෙ උදේ හයේ කෝච්චියෙ ගෙදර ආව. ඉතින් පොඩි කට්ටක් උනත් ඒකත් අමතක නොවෙන ලස්සන අත්දැකීමක් උනා.

Sort:  

අඩ්ඩේ දෙවෙනි එක බලන්න මාත් ගියා 😍

අඩේ එහෙමද දකින්නත් ඇති එහෙනම් 😪

api giya mul eka balanna

ම්ම්ම්ම් 😍😍😍

තුන්වෙනි දවසේ ගියානම් තමා හොඳ

ඔව් ඒක තමයි දුර ප්‍රශ්නෙ නිසා තමයි ගියේ නැත්තෙ 😪

Mamath asawen inne match ekak balanna yanna. Thama awasthawak hambune ne