The 5th Wave (2016)
ඇත්තටම පිටසක්වල ආක්‍රමණයක් ඇවිල්ලා ලෝකේ විනාශය උනොත් එක මොනවගේ තියේවිද. එකෙන් මිනිසුන්ට බේරෙන්න පුලුවන් වෙයිද. "The 5th Wave" අද මම ලියන්න යන Film එක ඒ වගේ ලෝකේට සිද්ද වුනු පිටසක්වල ආක්‍රමණයක් ගැන කතාවක්. මේ Film එක දැනට අවුරුදු 9කට කලින් ඒ කියන්නේ 2016 වසරේ තමයි තිරගත වෙලා තියෙන්නේ. Sci-fi/Action කියන කාණ්ඩයට අයත් මේ Film එක මිනිත්තු 112 පුරාවට කිසිම කම්මැලිකමක් නැතුව බලන්න පුලුවන් Film එකක් කිව්වොත් මම නිවැරදි.
මෙම 5th Wave චිත්‍රපටිය ඇමරිකානු කතුවරයෙක් වන Rick Yancey විසින් 2013 වසරේදි රචනා කරන ලද The 5th Wave විද්‍යා ප්‍රබන්ධය ඇසුරෙන් නිර්මාණය කරන ලද චිත්‍රපටියකි. පිටසක්වල Waves පහකින් විනාශ වීමට යන ලෝකයේ 16 හැවිරිදි කැසි ගේ කතාව තමයි මේ 5th Wave එක පුරා තිබෙන්නේ. ඉතිං මේ චිත්‍රපටියේ කැසිගේ චරිතය නිරුපණය කරන්නේ Chloë Grace Moretz නම් නිලියයි.
ඉතිං කැසි කියන්නේ තාමත් High School එකක ඉගෙන ගන්න කෙල්ලෙක්. මෙයාගේ පවුලේ අම්මයි, තාත්තයි, මල්ලි තමා ඉන්නේ. ඉතිං එක්තරා දවසක පිටසක්වල විශාල අකාස වස්තුවක් මෙයාලගේ රටේ ඉහල අහසට ඇතුලු වෙනවා. කාටවත් හිතාගන්න බෑ මේ මොකක්ද, මේකෙන් මොකක් වෙයිද කියලවත්. පලවෙනි දවස් කිහිපයේ මොනවත් නොවුනත් ඔවුන්ගේ පළවෙනි Wave එක විදිහට මුළු ග්‍රහලෝකයේම බලශක්තිය විනාශ කලා. එකෙන් මිනිස්සුන්ට විදුලිය නැති වුනා වගේම වාහන, දුරකථන ඇතුල කිසිදු උපකරනයක් භාවිතා කිරිමට නොහැකිවුනා. ඊට පස්සේ 2nd Wave එක වුනේ භූමි කම්පාවක්, 3rd Wave එක උනේ ගං වතුර සහ සුනාමි, 4th Wave එක වුනේ කුරුළු උණ.
ඉතිං මේ හැමදේකින්ම ලෝකය ටික ටික විනාස වෙමින් ජනගහනය අඩුවෙන්න පටන් ගත්තා. මේ කුරුළු උන නිසා කැසිගේ අම්මා එයාලට නැති උනා. ඉතිං අවසාන Wave එක විදිහට උනේ මිනිස්සුන්ගේ ඇග ඇතුලට උන් ඇතුළු වෙලා ඉතුරු වෙලා ජිවිතේ බේරගත්තු මිනිස්සුන්ව විනාශ කරපු එක. ඉතිං අවසානය වෙනකන්ම කැසි එයාගේ මල්ලිගේ ජිවිතේත් බේරගෙන ආරක්ෂා වෙනවා. හැබැයි කතාව අවසන් වෙන්නේ තවත් කොටසකට දේවල් ඉතුරු කරමින්. හැබැයි මෙහි දෙවෙනි කොටසක් ගැන නම් තවම කිසිම ඉගියක් නෑ. කොහොම උනත් ලෝක විනාශය ගැන නිර්මාණය වුනු චිත්‍රපටි අතර උඩින්ම තියන්න පුලුවන් කතාවක් විදිහට මේක නම් කරන්න පුලුවන්.