Ustad Hotel

in Steem Sri Lanka7 days ago

1000017823.jpg
source

ඉතින් යාළුවනේ ඔයාලා හැමෝම පරිස්සමෙන් ඇති කියලා හිතනවා.අද අරගෙන ආවේ මලයාලම් ෆිල්ම් එකක්.ඇත්තටම මේක හරිම ලස්සන කතාවක් තියෙන මේ දවස්වල මලයාලම් සිනමාවේ ප්‍රසිද්ධ නළුවෙක් වන දුල්කාර් සල්මන් රංගනයෙන් දායක වන විශිෂ්ට ගණයේ චිත්‍රපටයක්.තමන්ගෙ හීන පස්සේ දුවන හීන හැබෑ කරගන්න උපරිම උත්සාහය දරන කොල්ලෝ කෙල්ලන්ට ලස්සන උදාහරණයක් විදිහට අරගෙන ආපු මේ ෆිල්ම් එක released වුනෙ 2012 වර්ශයේ.ඉතින් මේ ෆිල්ම් එකට imdb 8.2ක දැවැන්ත අගයක් හිමි වෙලා තියෙනවා.ඉතිං ඒකෙන්ම හිතාගන්න පුළුවන්නේ ෆිල්ම් එක මොන වගේ තත්ත්වයකද තියෙන්නේ කියල.හරි ඉතිං අපි බලමු ෆිල්ම් එකේ මොකක්ද වෙන්නේ කියලා පොඩි අදහසක් අරගන්න.

තමන්ගේ හීන හැබෑ කරගන්න බැරුව ඒක ළමයගෙන් හැබෑ කරගන්න ට්‍රයි කරන තාත්තා කෙනෙක් ඉන්නවා.මේ තාත්තාට එකම පුතෙක් ඉන්නවා පුතාගේ නම තමයි ෆයිසාල්.තාත්තගේ බිස්නස් වැඩ වලට පුතා සම්බන්ධ කරගන්න එක තමයි තාත්තාගේ එකම බලාපොරොත්තුව.නමුත් ෆයිසාල් නම් මේ වැඩ වලට පොඩ්ඩක්වත් කැමති නෑ.ෆයිසල් ගොඩක් ආසයි කෑම හදන්න.කේ අංක එකේ චෙෆ් කෙනෙක් වෙන එක තමයි ෆයිසාල්ගෙ එකම හීනය.නමුත් ෆයිසල් දන්නවා තාත්තා නම් ඒකට පොඩ්ඩක්වත් කැමති නැහැ කියලා.ඒත් එහෙමයි කියලා තමන් කැමති නැති දෙයක් ඉස්සරහට කරන් යන්න ෆයිසාල් පොඩ්ඩක්වත් කැමති නැහැ.ඒ නිසා ෆයිසාල් තාත්තට කියන්නේ නැතුව හොර රහසේ තමන්ගේ හීනය හැබෑ කරගන්න උත්සාහ කරනවා.නමුත් ඔන්න එක දවසකදී තමන් බලාපොරොත්තු නොවූ දරුණු දේකට ෆ්යිසාල්ට මුහුණ දෙන සිද්ධ වෙනවා.මේකෙන් ෆයිසාල්ගේ මුළු ජීවිතයම කණපිට පෙරළෙන්න පටන් ගන්නවා.ඉතිං ඒ මොකක්ද? ෆයිසාල්ට මින් ඉදිරියට මොනවගේ කර්දරවලට මුහුණ දෙන සිද්ධ වේවිද?ඒ ගැන දැනගන්න ඔයාලට මේ සුපිරිම ෆිල්ම් එක බලන්නම වෙනවා.
</justify">