TIMELAPSE
ඉතින් අද ලියන්න යන්නේ මම ආසම විදියේ category එකක ෆිල්ම් එකක්.ඒ තමයි කාලය හරහා ගමන් කිරීම හා සම්බන්ධ ෆිල්ම් එකක්.ඉතින් එන්න එන්න වැඩිවෙන කුතුහලයෙන් වගේම ඇඟ කිලි පොලායන අවසානයක් තියෙන මේ ෆිල්ම් එක English ෆිල්ම් එකක්.2014 වර්ෂයේ නිකුත් වූ මේ ෆිල්ම් එකට imdb 6.5ක ඉහල අගයක් හිමිවෙලා තියෙනවා.ඉතින් මේ වෙනස්ම විදියෙ අද්භූත කතාවක් තියෙන මේ ෆිල්ම් එක ගැන වෙනද වගේම පොඩි අදහසක් අරගමු.මේකේ කතාව පටන් ගන්නේ මෙන්න මේ විදිහට.
ෆින් , ජැස්පර් සහ කැලී කියන්නේ හොඳම යාළුවන් තුන්දෙනෙක්.නමුත් හරි හමන් ආදායම් තත්ත්වයක් නැති නිසා මේ යාළුවන් තුන්දෙනා ගත කරන්නේ බොහොම කලකිරුනු ජීවිතයක්.නමුත් ඔන්න එක දවසකදි මෙයාලට මහ අද්භූත දෙයක් හමුවෙනවා.මෙයාලගෙ කාමරයට ඉස්සරහ කාමරයේ ජීවත් වෙන්නේ විද්‍යාඥයෙක්.නමුත් එයා දවස් ගානකින් එළියට ආපු නැති නිසා දැක්කේ නැති නිසා මේ තුන්දෙනා යනවා මොකක්ද උනේ කියලා බලන්න.ඒත් මෙයාලට දකින්න හම්බෙන්නේ පිච්චිලා , කලුවෙලා ගිහින් දවස් ගානකට කලින් ජීවිතක්ෂයට පත් වෙලා තියෙන මහාචාර්යවරයාගේ මළ සිරුර. මහාචාර්යවරයාට උණේ මොකද්ද කියලා මේ අයට හිතා ගන්නවත් බැහැ.නමුත් තවදුරටත් මේ මහාචාර්යවරයාගේ කාමරය සෝදිසි කරලා බලද්දී මෙයාලට දකින්න ලැබෙනවා අමුතුම විදියේ කැමරාවක්.මේක හරවලා තියෙන්නේ මේ තුන්දෙනා ඉන්න කාමරය පැත්තට.ඒ වගේම මෙයාලට ඕන වෙන වෙලාවට කැමරාවෙන් ෆොටෝ ගන්නත් බැහැ.හරියටම අටට තමයි මේකෙ ෆොටෝ වදින්නෙ.ඒකෙන් පෙන්නන්නෙ හෙට රෑ අටට මොකක්ද වෙන්නේ කියලා.හරියටම කිව්වොත් මේකේ දවසක අනාගතය පෙන්නනවා කිව්වොත් නිවැරදියි.ඉතින් මෙයාලට හරිහමන් ආදායමක් තිබුනෙත් නැහැනේ මෙයාලා මේක මාර්ගයෙන් සල්ලි හොයන්න පටන් ගන්නවා.ඇත්තටම කොහොමද මෙයාලා මේකෙන් සල්ලි හොයන්නේ? මහාචාර්යවරයා කොහොමද ඇත්තටම මැරුනෙ? මේ සියල්ලටම උත්තර ෆිල්ම් එකෙන් පැහැදිලි කරනව. ඉතින් අමුතුම විදිහ අවසානයක් තියෙන කුතුහලය පිරුණු සුපිරි ෆිල්ම් එකක් තමයි මේක.