Thudarum

in Steem Sri Lanka6 days ago

1000017315.jpg

source

මලයාලම් ෆිල්ම් කියන්නේ වෙනම ලෙවල් එකක්නේ.ඒකෙනුත් මොහාන්ලාල්ගේ ෆිල්ම් කියන්නේ අමුතුම විදියේ vibe එකක් තියෙන ෆිල්ම්.ඉතින් අදත් අරගෙන ආවේ ධර්ම යුද්ධය කතාව වගේ අමුතුම විදියෙ කතාවක් තියෙන් ෆිල්ම් එකක්.දෝරෙ ගලන කුතුහලය, වේදනාව තියෙන ඉතා සංවේදී ෆිල්ම් එකක් තමයි මේ ෆිල්ම් එක.murder.mystery , suspense, thriller කියන කාණ්ඩ කීපයටම අයත් වෙන 2025 නිකුත් වුනු මේ ෆිල්ම් එකට imdb 8ක දැවැන්ත අගයක් හිමිවෙලාා තියෙනවා.ඉතින් ඔයාලා මලයාලම් ෆිල්ම් වලට කැමතිනම් මේ ෆිල්ම් එක මිස් කරගන්න හිතන්නවත් එපා, මොකද මලයාලම් ෆිල්ම් වලින් මම බලපු ලස්සනම ෆිල්ම් එකක් තමයි මේක.හරි ඉතින් තවත් අගය කිරීම් නැතුව ෆිල්ම් එක ගැන පොඩි අදහසක් දෙන්නම්කෝ.

ෂන්මුගම් කියන්නෙ පරණ වර්ගයේ කාර් එකක් තියාගෙන රියදුරු රස්සාවක් කරගෙන ඉන්න ගොඩක් අහිංසක මනුස්සයෙක්.මෙයාට හැමෝම කතා කරන්නේ බෙන්ස් කියලා.ඉතින් මේ බෙන්ස්ගේ පවුලේ ඉන්නේ එයාගේ බිරිඳයි දුවයි පුතයි විතරයි.මෙයාලා සතුටින් ජීවත් වෙනවා.ඒත් එක දවසක් සිදුවන යම් සිදුවීමක් නිසා පොලිසිය මේ බෙන්ස්ගේ කාර් එක පොලිසියට අරගෙන යනවා.ඒකට හේතුව නම් ඔයාලට ෆිල්ම් එක බලලම දැනගන්න පුළුවන්.ඉතිං පෙන්ස් මේ කාර් එක පොලිසියෙන් අරගන්න යද්දි දැනගන්න දෙයින් බෙන්ස් විතරක් නෙවෙයි අපේ උනත් ඇඟ කිලිපොලා යනවා.ඉතින් ඒකෙන් බෙන්ස්ගේ සම්පූර්ණ ජීවිත කතාවම උඩු යටිකුරු වෙන්න පටන් ගන්නවා.ඉතින් ඇත්තටම මෙතන වෙලා තියෙන්නේ මොකක්ද? මෙතනින් පස්සේ බෙන්ස්ට මොකක්ද වෙන්නේ? මේ ප්‍රශ්න ප්‍රශ්නවලට උත්තර සුපිරිම සුපිරි කුතුහලයකින් ඔයාලටත් දැනගන්න පුළුවන් මේ ලස්සන ෆිල්ම් එක බැලුවොත්.