Through The Darkness

in Steem Sri Lanka7 days ago

1000156123.jpg
source

ඉතින් korean drama වලට ආස කරන පිරිසක් වෙනුවෙන් තමයි අද article එක වෙන් වෙන්නෙ.ඉතින් ඒ අතරින් තවත් පිරිසක් ඉන්නවා serial killer movies වලට වගේම dramas වලට ආස.ඒ අයටත් ගැලපෙනම විදිය series එකක් ගැන ලියන්න තමයි අද යන්නේ.මේක තමයි මම බලපු කොරියන් ඩ්‍රාමා වලින් හොඳම serial killer drama එක.ඉතින් මේ drama එක නම තමයි 2022 නිකුත් වූ Through the Darkness කියන series එක.Imdb 8ක ඉහල අගයක් ලබා ගැනීමට සමත් වෙලා තියෙන මේ series එක කුතුහලය දනවන ලස්සන කතාවකින් සමන්විත වෙලා තියෙනවා.ඉතින් වෙනද වගේම මේ දාම ඝාතන මිනීමැරුම් අභිරහස් කාන්ඩයට යටත් වෙන මේ ඩ්‍රාමා එක ගැන පොඩි හැඳින්වීමක් කරන්නම්.

එකම ආකාරයකට මිනීමැරුම් කරන රතු තොප්පි දාන දාම ඝාතකයෙක් ඉන්නවා.ඉතින් මේ දාම ඝාතකයා තරුණියන් ඝාතනය කරන්නේ හුස්ම හිර කරල ,ඒවගේම ඝාතනය කරාට පස්සේ ඒ තරුණියන්ව නිරුවත් කරලා තමයි ඔහු පැන යන්නේ.ඉතින් මේ දහම ඝාතකයා ගැන කිසිම හෝඩුවාවක් ඔහු රතු තොප්පි දානවා කියලා ඇරෙන්න පොලිසියට හොයාගන්න පුළුවන් වෙන්නේ නැහැ.එක දවසක් මේ දාම ඝාතකයා ඝාතනය කරපු තරුණියකගේ පරීක්ෂණය විසඳන්න වෙන්නේ සොංහායි කියන රහස් පරීක්ෂකවරයාට.ඉතින් මේ සොංහායි කියන්නේ සුපිරිම ගණයේ රහස් පරීක්ෂකවරයෙක්.ඉතින් මේ පරීක්ෂණ විසඳන් යද්දි මොවුන්ට සැකයක් ඇතිවනවා එක පුද්ගලයෙක් ගැන.ඇත්තටම ඔහු දාම ඝාතකයද?ඔන්න ඔය ප්‍රශ්නත් එක්ක පටන් ගන්න සුපිරිම drama එකක් තමයි මේක.ඉතිං ලස්සන කොරියන් ඩ්‍රාම එකක් හොය හොය හිටපු ඔයාලට ගැලපෙනම විදියේ එකක් විදියට මේක නිර්දේශ කරන්න පුළුවන්.