The Phone

in Steem Sri Lanka4 days ago

1000156708.jpg
source

ඔයාලට සමහරවිට මතකත් ඇති මම කලින් ලියපු Time traveling movie එක ගැන.ඉතිං ඒ ෆිල්ම් එක බැලුවම මටත් ආසාවක් ඇති වුණා ඒ විදියෙ ෆිල්ම් ගැන, මොකද ඒකෙ කුතුහලය ගොඩක් වැඩි නිසා.ඉතින් ඔය අතරෙදි තමයි මට මේ ෆිල්ම් එක හම්බවුණේ.හැබැයි මේකනම් කොරියන් ෆිල්ම් එකක්.හිතන්නකෝ අවුරුද්දකට කලින් මියගියපු කෙනෙක්ගෙන් ඔයාට හදිසියේම කෝල් එකක්ක් ආවොත්.ඔයාට මොනවගේ දෙයක් හිතෙයිද?ඉතින් මේ ෆිල්ම් එකේ නම තමයි The Phone ඒ වගේම 2015 වර්ෂයේදී තිරගත වීම ආරම්භවුණු මේ ෆිල්ම් එකට Imdb 6.5ක ඉහළ අගයක් ලැබිලා තියෙනවා.මේ කුතුහලය දනවන ෆිල්ම් එක ගැන වෙනද වගේම පොඩි සාරාශියක් කරන්නම ඔයාලට අදහසක් අර ගන්න ලේසි වෙන්න.

ජේ කියල නීතිඥවරයෙක් ඉන්නවා.ඉතින් මෙයාගේ පවුලේ ඉන්නේ මෙයයි මෙයාගේ බිරිඳයි ළමයයි තමයි.අවාසනාවට පසුගිය වසරේදී ජේගේ බිරිඳ කවුරු හරි ඝාතනය කරලා පැනලා ගිහිල්ලා තියෙනවා.නමුත් අද වෙනතුරු ඝාතකයා කවුද කියලා හොයාගන්න හම්බවෙලා නැහැ.ඉතින් ඊට හරියටම වසරකට පස්සේ ජේට කෝල් එකක් එනවා එයාගේ බිරිඳගෙන්.ඉතින් මේක වෙන්න විදිහක් නැහැනේ, මොකද ජේගෙ බිරිඳ දැනටමත් නැති වෙලා අවුරුද්දකුත් ගතවෙලා ඉවරයි.කොහොම හරි ටිකක් වෙලා යද්දි ජේට තේරෙනවා ජේ මේ කතා කරන්නේ වසරකට කලින් ඒ කියන්නෙ ජේගේ බිරිඳ ඝාතනය වෙන්න කලින් කාලෙකට තමයි බිරිඳත් එක්ක දුරකථනය හරහා සම්බන්ධ වෙලා ඉන්නේ කියලා.ඉතින් මෙහෙම කතා කරද්දි ජේට තේරෙනවත් තව පැය කීපයකින් ජේගේ බිරිඳ ඝාතනය වෙන්න නියමිතයි කියලා.ඉතින් ජේට මේක නවත්තන්න පුළුවන් වේවිද? ඇත්තම ඝාතකයත් ජෙට හොයාගන්න පුළුවන් වේවිද?ඉතින් ඒ ගැන දැනගන්න නම් ඔයාට මේ ලස්සන ෆිල්ම් එක බලන්නම වෙනවා.