SCARFACE
TV series ටිකක් හම්බවුන නිසා ෆිල්ම් බලන්න තියෙන වෙලාව ටිකක් අඩුවෙලා තමයිි තියෙන්නේ.නමුත් එහෙම් මෙහෙන් අහම්බෙන් හම්බවෙන ලස්සන ෆිල්ම් බලන්නත් මගහරින්නෙ නැහැ.ඉතින් මේ දවස් වල ටිකක් පරණ ෆිල්ම් ටිකක් හම්බවුන නිසා ඒව බලමින් තමයි ඉන්නෙ.ඇත්තටම ඒ ෆිල්ම් වල කතාව , ඒ කාලෙ තිබුණ තාක්ෂණයත් එක්ක ඇත්තටම විශිෂ්ට අගයක තියෙනවා.ඉතින් කොහොම හරි අද අරගෙන ආවේ සත්‍ය කතාවක් ඇසුරින් ගොඩනැගුණුම් Scarface කියන ෆිල්ම් එක ගැන ලියන්න.ඔහුගේ නම ටෝමි මොන්ටානා නමුත් ලෝකයා ඔහුව මතක තබාගත් තව්ත් නමක් තියෙනවා ඒ තමයි ස්කාෆේස්.
1983 වර්ෂයේ නිකුත් වූ මේ සුපිරි ෆිල්ම් එකට Imdb 8.3ක ඉතා ඉහළ අගයක් හම්බවෙලා තියෙනවා.ඒ වගේම ලෝකයේ හොඳම චිත්‍රපට 250 අතුරින් 102 වෙනි ස්ථානයේ තියෙන්නෙත් මේ ෆිල්ම් එක.සම්මාන වලින් පිදුම් නොලැබුවත් වාණිජමය අතුරින් වැඩි වාසි වගේම ඉතා ඉහල අගයක පවත්වා ගන්නත් මේ ෆිල්ම් එක සමත් වුණා.Mission Impossible 1 කියන සුපිරි ෆිල්ම් එක අධ්‍යක්ෂණය කරපු Brian De palma කියන සුපිරි අධ්‍යක්ෂවරයා යටතේ අධ්‍යක්ෂණය වුණු ෆිල්ම් එකක් තමයි මේ ෆිල්ම් එක.Crime , Epic , Gangster , Tragedy කියන කාණ්ඩ කිහිපයටම යටත් වෙන ෆිල්ම් එකක් තමයි මේක.සත්‍ය කතාවක් ඇසුරින් ගොඩනැගුණු මේ චිත්‍රපටයේ කියුබානු අසහාය නායකයා ෆිදෙල් ක්‍රස්තෝ පත්වුණු අලුත පණවපු දැඩි නීති පිළිබඳවත් ඔයාලා දන්නැති කරුණු කීපයක්ම දැනගන්න ලැබෙනවා.ඉතින් මේ ලතින් දඩබ්බරයා ගැන ෆිල්ම් එක නම් ඔයාලා බලන්නම ඕන එකක්.
Thank you for sharing on steem! I'm witness fuli, and I've given you a free upvote. If you'd like to support me, please consider voting at https://steemitwallet.com/~witnesses 🌟