Reversi
ඔයාලා හැමෝම පරිස්සමෙන් ඇති කියලා හිතනවා , සාමාන්‍යයෙන් හැමෝම වගේ විශේෂයෙන් තම තමන්ට වෙන් වූ catagory වල ෆිල්ම් වලට ආසයි.ඒ අතරින් මම පෞද්ගලිකව ආසයි Time Travel ෆිල්ම් වලට.ඉතින් මම බලපු මට බලන්න සෙට් වුනු ගොඩක් Time travel movies ගොඩක් හොඳ ඒවා.කොහොමහරි අද මම ලියන්න යන ෆිල්ම් එක නම් මට බලන්න හම්බුනේ අහම්බෙන්.You tube එකේ thumbnail එකක හම්බෙන්න දැකපු review එකක් නිසා ෆිල්ම් එක හොයාගෙනම බලන්න මට ඕන වුණා.මේ ෆිල්ම් එකේ විශේෂත්වය මේක මැලේසියන් ෆිල්ම් එකක්.ඇත්තටම මේක මං බලපු පළවෙනි මැලේසියන් ෆිල්ම් එක.ඒවගේම ඇගයිය යුතු මට්ටමක තියෙන ලස්සන ෆිල්ම් එකක්.මේක ගිය අවුරුද්දේ released වුන ෆිල්ම් එකක් ඒ වගේම මේ ෆිල්ම් එකට imdb 7.3ක ඉතා ඉහල අගයකුත් හිමි වෙලා තියෙනවා.හරි ඉතින් වෙනද වගේම ෆිල්ම් එක ගැන පොඩි අදහසක් අරගමු.
ආකි කියන්නේ පොලිස් නිලධාරියෙක්.කොහොම හරි සිද්ධ වෙන දරුණු රිය අනතුරක් නිසා ආකිගෙ බිරිඳයි දරුවයි නැතිවෙනවා.නමුත් අද්භූත විදියට ආකිට අවස්ථාවක් ලැබෙනවා අතීතයට යන්න.ඒ කියන්නෙ කාල තරණය කරන්න.ඉතිං අතීතයට ගිහිල්ලා උන සිද්ධියක් වෙනස් කරන්න ආකිට අවස්ථාව ලැබෙනවා.ඉතින් ආකි මේ අවස්ථාවේ උපයෝගී කරගෙන අර සිදුවුණු ධර්ම රිය අනතුරෙන් තමන්ගේ බිරිඳවයි දරුවයි බේරගන්න උත්සාහ කරනවා.ඉතින් ආකිට මේ විදිහට අතීතයට අවස්ථාවක් ලැබුනෙ කොහොමද? කාල තරණය කරලා ආකිට තමන්ගේ බිරිඳවයි දරුවායි බේරගන්න පුළුවන් වෙයිද? ඉතින් ඒ ගැන දැනගන්න නම් මේ අති සංවේදී ෆිල්ම් එක බලන්නම සිද්ධ වෙනවා.අන්තිමට ඇහැට කඳුළක් ගෙන එන කුතුහලයේ පිරුණු ලස්සන සංවේදී ෆිල්ම් එකක් තමයි මේක.ඉතින් ඔයාලත් මගහැරගන්න හොඳ නැති ෆිල්ම් එකක් තමයි මේ ෆිල්ම් එක.