Resignation වන්නම

in Steem Sri Lanka2 days ago

1000125624.jpg
source
ඉතින් හැමෝම පරිස්සමෙන් ඇති කියල හිතනව. අද ලියන්නෙ අපේ ජීවිතේ වැදගත්ම දෙයක් ගැන. අපිට අපේ ජීවිතයේදී රැකියාව කියන්නෙ ජීවිතයට වැදගත්ම දෙයක්. රැකියාවක් කියන්නෙ තරුනයෙක්ට, තරුනියක්ට ජීවිතේ ඉස්සරහට යන්න , අපි තෝරගන්න එක්තරා විදියක කඩඉමක්.ඉතින් මිනිස්සුන්ට ඇත්තටම රැකියාවන් වලදි ආසාවෙන් ඒක කරන්නෙ ඉතා සුලු පිරිසක්.ගොඩක් මිනිස්සු රස්සාවක් කරන්නේ ගොඩක් මානසික අපහසුතාවයෙන් සහ මානසික ආතතියකින් යුක්තව යි.ඇත්තටම ඔවුන්ගේ තියෙන ආර්ථික අපහසුතා නිසා ඔවුන්ට රස්සාවෙන් ඉවත් වෙලත් බෑ, හැබැයි ඔවුන්ට ජීවිතේ කිසිම මානසික සතුටක් ඇත්තෙත් නෑ.ඒ නිසා ගොඩක් මිනිස්සු රැකියාවෙන් ඉවත් වෙන්න කලින් දෙපාරක් නෙමෙයි කිහිප වතාවක් ඒ ගැන සිතනවා.ඉතින් මේ කතාවත් ඒ වගේ තමයි කියවල බලන්න ඔයාගේ අදහසත් මොකද්ද කියල.

Resignation letter එක දුන්නට පස්සේ මැනේජර් ඇවිත් අහනවා
"උබ මොකද අයින් වෙන්න යන්නේ? මොකක්ද ප්‍රශ්නේ ? ගෙදර අවුලක්ද?"
උත්තරය: "නෑ එහෙම අවුලක් නෑ"
බොසා "ඇයි අලුත් ජොබ් එකක්වත් සෙට් වුනාද?" ඒ කියන්නේ සැලරිද අවුල?"

ටිකක් අල්ලන් හිටපන්... අපිට උබව ඕනා. මෙතන experience තියන වැඩ දන්න එකෙක්ට ඉන්නේ උබ.
සැලරිය මන් එහෙ මෙහෙ කරලා දෙන්නන්

උත්තරය “ නෑ සැලරිය අවුලක් නෑ"

ඊලඟ දවසේ ලොකු බොසා

"ආරංචියක් ආවා අයින් වෙන්න යනවා කියලා" "මොකක්ද ප්‍රශ්නේ" අපිට මේ company එකට Mr. ව ගොඩාක් වටිනවා... ඔයාගේ hard work එක අපි දනිනවා...
ආය පොඩ්ඩක් හිතලා බලන්න decision එක ගැන...
අපි promotion එකක් ලෑස්ති කරලා දෙන්නන්.
සැලරි ඉන්ක්‍රිමන්ට් එකක් එක්ක තව බෙනිෆිට්ස් ටිකක් දෙන්නන්...

උත්තරය : ඒක අවුලක් නෑ බොස්

ආය හවසට HR එකත් අර ටිකම අහනවා ඒ ටිකම පොරොන්දු වෙනවා ඒත් උත්තරයෙත් වෙනසක් නෑ...

ඇත්තටම මොකක්ද අයින් වෙන්න හේතුව?
skills, hard work, experience appreciate කරන්න මතක් වෙන්නේ අයින් වෙන්න යද්දිද?
Promotions / salary increments වැඩ කරපු පැය ගානේ, company එක වෙනුවෙන් මැරුන අවුරුදු ගානේ දෙන්න හිතුනේ නැද්ද?
ඉතින් එහෙම තැනකින් resign වෙනවා ඇරෙන්න වෙන option එකක් තියනවද?

හැමෝගෙම නෙමෙයි වුනත් ගොඩ දෙනෙකුගේ කතාව මේක🥹