Pravinkoodu Shappu

in Steem Sri Lankalast month

1000003753.jpg
source

ටික දවසක නිවාඩුවකින් පස්සේ ඔන්න අද අරගෙන ආවා සුපිරිම සුපිරි ෆිල්ම් එකක් ඔයාලත් එක්ක බෙදාගන්න. ඉතින් මලයාලම් ෆිල්ම් කියන්නේ පිස්සුවක් කියලා හැමෝම දන්නවනේ.ඒකෙනුත් ධර්මය යුද්ධය වගේ ෆිල්ම් එකක් කියන්නේ මොනවගේ ලෙවල් එක ෆිල්ම් එකක්ද කියලා ඔයාලට හිතාගන්න පුළුවන්නේ.සාමාන්‍යයෙන් මම නම් මලයාටම් ෆිල්ම් බලන්න ගොඩක් කැමතියි.ඒ වලිනුත් crime , suspense thriller category වල ෆිල්ම් වලට මං ගොඩක් කැමතියි.ඉතින් අද කියන්න යන්නෙ අන්න ඒ වගේ ෆිල්ම් එකක් ගැන.Murder , mystery , crime, suspense thriller කියන කාණ්ඩ කීපයටම අයත් වන මේ ෆිල්ම් එක released වුනේ මේ අවුරුද්දෙමයි.හරි ඉතින් වැඩි අගය කිරීම් නැතුව අපි බලමු ෆිල්ම් එක මොන වගේද කියල.

බොහොම පිටිසර ගමක රා කඩයක්තියෙනවා.ඉතින් මේ රා කඩේ අයිතිකාරයා වෙන බාබු ගෙල වැල දාගෙන මිය යනවා.නමුත් මේක සැක සහිත නිසා පොලිසිය විසින් විමර්ශනයක් සිදු කරනවා.ඉතින් මේ විමර්ශනය භාර වෙන්නෙ ෂර්ලොක් හෝම්ස් වගේ දක්ෂ රහස් පරීක්ෂක දැනුමක් තියෙන , තීක්ෂණ බුද්ධියක් තියෙන සන්තුශ් කියන පොලිස් නිලධාරියට.සන්තුශ්ට මුලින්ම සැක හිතෙන්නේ මේ බාබුට ගෙල වැල දාගන්න තරම් ප්‍රශ්නයක් තිබුණ කෙනෙක් නෙවෙයි, ඒ වගේම හොයාගන්න හෝඩුවාවන් කීපයක් නිසා සන්තුශ් නිගමනය කරනවා මේක මිනීමරුවක් කියලා.ඉතින් එහෙමනම් මේ මිනීමරුම සිදු කළේ කවුද? මේ පොලිස් නිලධාරියා විසින් හොයාගත්ත හෝඩුවාවන් මොනවද? ඒ සියල්ල ගැන දැනගන්නා ඔයාට මේ සුපිරි ෆිල්ම් එක බලන්නම වෙනවා.ඉතින් කම්මැලි නැතුව බලන්න පුළුවන් කුතුහලේ පිරුණු ෆිල්ම් එකක් තමයි මේ ලස්සන ෆිල්ම් එක.