PARASITE
ඉතින් යාළුවනේ කොහොමද? සාමාන්‍යයෙන් මම කොරියන් drama series බැලුවට කොරියන් ෆිල්ම් බලන්නේ ගොඩක් අහම්බෙන්. ඒ බලපු ෆිල්ම් අතරින් මම බලපු හොඳම සහ korean film බලන යාළුවන් හැමෝම වගේ මට මුලින්ම බලන්න recommend කරපු සුපිරි ෆිල්ම් එකක් ගැන තමයි අද ලියන්න යන්නේ.මේ ෆිල්ම් එක බැලුවෙ මම කාලෙකට කලින්.ඒත් මුහුණු පොතේ දාලා තිබුනු post එකක් නිසා මට අයිති එක මතක් උනා ඒ ගමන්ම ඔයාලත් එක්කත් මේ ෆිල්ම් එක බෙදාගන්න හිතුවා.ඇත්තටම කිව්වොත් මේ ෆිල්ම් එක බැලුවට පස්සේ මගෙත් ඔලුව ටිකක් විකාර වෙලා වගේ තිබුන. ජීවිතයේ ගොඩක් දේවල් සැලැස්මකට අනුව වැඩ සිද්ධ වෙන්නේ නැහැ.ඇයි එහෙම කියන්නේ ඒත් අපි හැම එකටම සැලැස්මක් හදනවනෙ.ඔහු එහෙම තමයි ඒත් මේ ෆිල්ම් එක බැලුවට පස්සේ මම කියන කතාව ඇත්ත කියලා ඔයාලටම තේරේවි.
හරි ඉතින් කතාව ගැන මුලින් කියන්න යන්නෙ නැතුව කියන්නම් මේ ෆිල්ම් එක ගැන මෙච්චරටම කතා කරන්නෙ ඇයි කියල. මේ ෆිල්ම් එක drama සහ thriller category එකේ ඒකේ ෆිල්ම් එකක්.ඒ වගේම තමයි මේ ෆිල්ම් එකට imdb 8.5ක දැවැන්ත අගයක් හිමිවෙලාා තියෙනවා.දැන් තමයි ඔයාලා පුදුම වෙන කාරණය කියන්නේ.මේ ෆිල්ම් එක නිපදවන්න ගිහිල්ලා තියෙන්නේ ඩොලර් මිලියන 11ක් ඒ වගේම මේකෙන් ඩොලර් මිලියන 262ක ආදායමක් උපයන්න සමත් වෙලා තියෙනවා.විවිධ සම්මාන උළෙලවල්වල සම්මාන වලට nominate වෙන්නත් සම්මාන වලට හිමිකම් කියන්නත් සමත් වෙලා තියෙනව.Parasite කියන්නෙ පරපෝෂිතය කියන වචනය නේ , ඒ කියන්නෙ තවත් කෙනෙක් මත යැපෙනවා කියන එකනේ හරියට නිකන් මැක්කෙක් වගේ.සතෙක් එහෙම උනාට මනුස්සයෙක්ට ඒ වගේ වෙන්න බෑනේ.එහෙමද ඔයාල හිතන්නේ.එහෙනම් ඔයාලා මේ ෆිල්ම් එක බැලුවාට පස්සේ ඒ අදහස වෙනස් කර ගනීවි.කතාව ගැන පොඩිම පොඩි අදහසක් දෙන්නම්.අම්මයි තාත්තයි දුවයි පුතයි ඉන්න පවුලක් ඉන්නවා.මේ පවුල හරිම දුප්පත් වේල් තුනෙන් එක වේලක් කන්නේත් හරිම අමාරුවෙන්.ඉතින් මේ පුතාගේ යාළුවෙක් දවසක් යෝජනාවක් අරගෙන එනව මේ පුතාට. ඒ යෝජනාවත් එක්කම මේ කොල්ල යනව ගොඩක් පොහොසත් ගෙදරකට.ඔන්න ඕකත් එක්ක තමයි මේ පවුලේ සම්පූර්ණම ජීවිත කතාව වෙනස් වෙන්නේ.මොහොතින් මොහොත කතාව කනපිට හැරවෙන විදියේ සිදුවීම් ගණනාවක් එක්ක ගලා යන ෆිල්ම් එකක් මේක.ඉතින් ඔයාලත් බලල නැත්නම් බලල ඔයාලගේ අදහසත් කියන් යන්න.
Funnily enough, this is a film that I've bought and in the queue to get watched. I bought it based upon it being in the IMDB Top 100 (I don't know if it still is) so it should be good.
Did you enjoy it?
Yeah , It has a different story more than others ❤️😍