Ouija : Origin Of The Evil

in Steem Sri Lanka4 days ago

1000029015.jpg
source

ඉතින් යාළුවනේ ඔයාලා හැමෝම පරිස්සමෙන් ඇති කියල හිතනව.Hollywood horror ෆිල්ම් කියන්නෙ තනිකරම වෙනම vibe එකක්.මම වැඩිය හොල්මන් ෆිල්ම් බලන් නැති නිසා මේ බලපු ලස්සන ෆිල්ම් එකත් ඔයාලා එක්ක බෙදා ගන්න හිතුවා.සමහර විට මීට වඩා ගොඩක්හොඳ horror ෆිල්ම්ස් ඇති මට මගහැරුණු.කුතුහලය පිරුණු 2016 නිකුත් වෙච්ච මේ ෆිල්ම් එක පටන් ගත්ත වෙලාවෙ ඉදන් බයෙන් ගැහි ගැහි තමයි මමන්ම් බැලුවෙ.ඒ වගේම තමයි මේ ෆිල්ම් එකට imdb 6.2ක ඉහළ අගයකුත් ලැබිලා තියෙනවා.ඉතින් horror films එක්ක බැලුවමනම් ඒක හොද අගයක්. ඉතින් මේ ඇඟ කිලිපොලා යන සුපිරි ෆිල්ම් එකේ කතාව පටන් ගන්නේ මෙන්න මේ විදිහටයි.

පොඩි පවුලක් ඉන්නවා, මේ පවුලේ ඉන්නෙ අම්මයි දුවලා දෙන්නයි. කාලෙකට කලින් උන හදිසි අනතුරක් නිසා මෙයාලගේ තාත්ත නැතිවෙලා.ඉතින් මේ පවුල ජීවත් වෙන්න කරන්නේ මළ ගිය ආත්ම ගෙන්නනවා කියලා බොරු කියලා මිනිස්සුන්ව රවට්ටල ඒ අයගෙන් සල්ලි කඩාගන්න එක.මෙයාලා මේ කරන වැඩේ අලුත් කරන්න ඕන නිසා මෙයාලා අරගෙනඑනවා ouija බෝඩ් එකක්.සමහරවිට ඔයාලත් දැකලා ඇති ඉලක්කම් වගේම අකුරු තියෙන්නේ.ඉතින් මිනිස්සු රවට්ටන වැඩේ තව ටිකක් අලුත් කරන්න තමයි මෙයාලා මේ වැඩේ කරන්නේ.මේ පවුලේ පොඩි දුවගේ නම තමයි ඩොරිස් , ඩොරිස් ගොඩක් ආසයි එයාගේ තාත්තත් එක්ක කතා කරන්න.නමුත් තාත්තා ජීවතුන් අතර නෑනෙ අන්න ඒ නිසා ඩොරිස් මේ අරගෙන ආපු බෝඩ් එක භාවිතා කරලා තමන්ගේ තාත්තත් එක්ක කතා කරන්න උත්සාහ කරනවා.නමුත් මේ බෝඩ් එකක් හරහා ආත්මයක් සම්බන්ධ කරගන්න එක හිතන තරම් ලේසි වෙන්නේ නැහැ , මොකද ඒකට පිළිපදින්න ඕන නීති කීපයක් තියෙනවා.නමුත් ඩොරිස් අතින් එක නීතියක් කැඩෙනවා.ඒ ගැන ඔයාලට ෆිල්ම් එක බලද්දි දැනගන්න පුළුවන්.මෙච්චර කල් මිනිස් රවට්ටපු මේ පවුලට අන්තිමට ඩොරිස්ට ඇත්තටම ආත්මයක් ඇය හා සම්බන්ධ වෙනවා.ඩොරිස් හිතුවත් ඒ ඇයගේ තාත්තාගේ ආත්මේ කියලා ඒක එහෙම නෙවෙයි.එහෙනම් ඒක කාගේද? මේ නිසා මේ අයට මොන තරම් අද්භූත දේවල් වලට මුහුණ ද සිද්ධ වේවිද? ඒ ගැන දැනගන්න ඔයාට මේ සුපිරි ෆිල්ම් එක බලන්නම.වෙනව.