MARCO

in Steem Sri Lanka3 days ago

1000156910.jpg
source

ඉතින් යාළුවනේ ඔයාලා බලන්න කැමැත්තෙන් හිටියේ අමුතුම කතාවක් තියෙන මලයාලම් ෆිල්ම් එකක්ද්? පටන් ගත්ත වෙලාවෙ ඉදන් action විතරක් තියෙන ෆිල්ම් එකක්ද? එහෙනම් අද ඔයාලත් දැනගන්න යන්නේ ඔයාලටම ගැලපෙන ලස්සනම ෆිල්ම් එකක් ගැන.ඉතාම සංවේදී කතාවක් තියෙන සුපිරිම සුපිරි මලයාලම් ෆිල්ම් එකක් ගැන තමයි අද ලියන්න යන්නේ.කට්ටිය ගොඩක් කියපු නිසාම බලන්න ගත්ත ෆිල්ම් එකක් තමයි Marco කියන්නෙ.ගොඩක් වෙලාවට කට්ටිය කියූ පමණින් මං ෆිල්ම් බලන්නේ නැහැ මොකද ඊට කලින් rating එහෙමත් බලනවා.ඉතින් මේ 2024 නිකුත් වූ ෆිල්ම් එකට Imdb 7.4ක ඉහළ අගයක් ලැබිලා තියෙනවා.ඇත්තටම මම හිතුවටත් වඩා ෆිල්ම් එක සංවේදී එකක් වුනේ අන්තිම හරියෙදි.එක පාරට කරකවල අත ඇරිය වගේ scens ටිකක් ෆිල්ම් එකේ අන්තිම හරියෙදි ඔයාලටත් බලාගන්න පුළුවන්.හරි ඉතින් වෙනද වගේම ෆිල්ම් එක ගැන පොඩි අදහසක් ගමු.

වික්ටර් කියන්නේ අන්ධ තරුණයෙක්.ඒ වුනාට වික්ටර් සම්බන්ධ අඩට්ටා පවුල ඒ නගරයේ ගොඩක් ප්‍රසිද්ධ පවුලක්.ජෝර්ජ් කියන්නේ වික්ටර්ගේ වැඩිමහල් සහෝදරයා.ඒ වගේම මාර්කෝ කියන්නෙ මේ පවුලට අරන් හදා ගත්ත ළමයෙක්.ඔහුට ඉක්මනින් කේන්ති යන නිසාම මාර්කෝව වෙන රටකට යවල තමයි තියෙන්නේ.ඉතින් ඔය අතරෙදි යම් සිදුවීමක් නිසා වික්ටර්ව ඝාතනය කරනවා.වික්ටර්ව ඝාතනය කරන්නේ කවුද කරන්නේ මොකටද කියලා දැනගන්න නම් ඔයාලට ෆිල්ම් එක බලන්නම වෙනවා.ඉතින් මේකෙ පලිය ගන්න තමයි මාර්කෝ වෙන්නේ.ඉතින් ඔහුට ඒකේ පලිය ගන්න පුළුවන් වෙයිද? ඒ පලිය කොච්චර දරුණු ආකාරයකට වෙයිද කියලා දැන ගන්න නම් ඔයාට ෆිල්ම් එක බලන්නම වෙනවා.