Lighting Up The Stars

in Steem Sri Lanka2 months ago

1000142234.jpg
source

ඉතින් යාළුවනේ සිනමා රසයක් තියෙන ඔයාලා හැමෝටම අද අරගෙන ආවේ වෙනස්ම විදියෙ ෆිල්ම් එකක්.ගොඩක් වෙලාවට ෆිල්ම් එකේ කතාව හොඳයි නම් මම ඒක මොන රටේද මොන භාෂාවද කියලා අදාළ කරගන්නේ නැහැ.අනික ගොඩක් වෙලාවට මට ෆිල්ම් තෝරලා දෙන්නේ මගේ හොඳම යාළුවෙක්. ඇත්තටම අපි දෙන්නගේ රස වින්දනය එකම වගේ movies වලට තමයි තියෙන්නේ.ඒ නිසා එයා අනුමත කරන ෆිල්ම් ගැන මම දෙපාරක් හිතන්නේ නැහැ.ඇත්තටම ඒවා මාරම ලස්සනයි.ඒ විදිහට ගොඩක් කාලෙකින් ඉඳන් බලන්න කියලා බල කරපු ෆිල්ම් එකක් තමයි මේක.නමුත් මේක chinese ෆිල්ම් එකක්.ඒක එසේ වුනත් මේකෙ කතාව නම් මාරම ලස්සනයි අති සංවේදීයි, ඒ වගේම imdb 7.4අගයක් මේ movie එකට ලැබිලා තියෙනවා.

හරි වෙනද වගේම ෆිල්ම් එක ගැන පොඩි සාරාංශයක් ගමු.එක පොඩි ගෑණු ළමයෙක් එයාගෙ ආච්චිත් එක ජීවත් වෙනවා.ඒත් හිටි හැටියේ එයාගේ ආච්චි නැති වෙනවා.ඒත් මේ ළමයට එයාගේ ආච්චි නැති වුණා කියලා හරිහැටි දැනීමක් නැහැ.ළමයා හිතන්නේ මල්ශාලාවේ කට්ටිය ඇවිල්ල පෙට්ටියක දාගෙන ආච්චි අරගෙන ගියා කියලා.ඉතින් මේ පොඩි ළමයා මල්ශාලාවේ අධිපති පස්සෙන් යනවා එයාගේ ආච්චි හොයාගෙන.ඉතින් ආච්චිගේ මරණයෙන් පස්සේ ළමයාගේ බාරකාරත්වය ලැබෙන්නේ එයාගේ මාමට.ඒත් මාමට දවස් තුනක ට්‍රිප් එකක් යන්න වෙන නිසා ළමයගෙ භාරකාරීත්වය දවස් තුනකට මල් ශාලාවේ අධිපතිට ලබා දෙනවා.ඔහුත් මුදල් ලැබෙන නිසා මේක බාරගන්නව.ඉතින් මේ විදියට තමයි කතාව ආරම්භ වෙන්නේ.එදා සංවේදී කතාවක්.නිදහසේ ඉන්න වෙලාවක බලන්න කියලා ඔයාලා හැමෝටම ආරාධනා කරනවා.