Knives Out

in Steem Sri Lanka2 months ago

1000172052.jpg
source

ඉතින් යාළුවනේ ඔයාලට කොහොමද ?හැමෝම පරිස්සමෙන් ඉන්නවා නේද?හරි ඉතින් අද අරගෙන ආවේ සුපිරිම සුපිරි ෆිල්ම් එකක්.ඔයාලා පොඩි කාලේ ෂර්ලොක් හෝම්ස්ගේ කතා කියවලා තියෙනවද? මම නම් පොඩි කාලෙ ඉඳලා තවමත් ශර්ලොක් හෝම්ස්ගෙ ලොකු රසිකයෙක්.ඒ නිසාම රහස් පරීක්ෂක ෆිල්ම් වලට තියනන කැමැත්තත් කිසිම අඩුවක් නෑ.ඉතින් අද අරගෙන ආව ෆිල්ම් එකත් ඒ වගේ ෂර්ලොක් හෝම්ස්ට නොදෙවෙනි රහස් පරීක්ෂකයෙක් හා සම්බන්ධ කතාවක් තියෙන ෆිල්ම් එකක්.මේ ෆිල්ම් එකේ නම තමයි Knives Out , ඒ වගේම ෆිල්ම් එකට Imdb 7.9 ක දැවැන්ත අගයක් හිමිවෙලා තියෙන මේ ෆිල්ම් එක released උනේ 2019 අවුරුද්දේ.හරි ඉතින් වෙනද වගේම බලමු ෆිල්ම් එකේ කතාව කොයිි වගේද කියලා.

හාලෙන් කියන්නේ ව්‍යාපාර කිහිපයකම හිමිකරුවෙක් වගේම ගොඩක් දක්ෂ අපරාධේ නවකතාකරුවෙක්.හාලන්ට දැන් ටිකක් වයසයි, හාල්න්ගේ ළමයි සහ මුරුබුරන් සියල්ලම ජීවත් වෙන්නේ එක ගෙදරක. ඉතින් හාලන්ගේ අසූ පස්වෙනි උපන්දිනය දවසේ පාටි ඉවර වෙලා හාලන් යනවා නිදාගන්න එදානම් කිසිම ප්‍රශ්නයක් වෙලා නැහැ. පසුවදා උදේ හාලන්ගෙ ගෙදර මෙහෙකාරිය හාලන්ගෙ කාමරයට එද්දි දකිනවා හාලන් ගෙල කපාගෙන සියදිවි නසාගෙන තියෙනව.ඉතින් කවුරුත් විශ්වාස කරේ නැහැ හාලන්ට මෙහෙම දෙයක් සිදු වේවි කියලා.කොහොම හරි පොලිසිය විමර්ශන කටයුතු ආරම්භ කරනවා.පොලිසියට ප්‍රශ්න කීපයක්ම තියෙනවා, හාලන්ට සියදිවි නසාගන්න කිසිම හේතුවක් තිබිලා නැහැ, ඒ වගේම එහෙම හේතුවක් තිබ්බත් මේ විදියට දරුණු විදිහට සියදිවි නසාගන්න තරම් හාලන් කටයුතුකරේ ඇයි? ඉතින් ඒ නිසාම පොලිසියටත් තේරෙනවා මෙතන අභිරහස් කිසියම් දෙයක් සිදුවෙලා තියෙනවා කියලා.කොහොම හරි පොලිසියේම විතරක් නෙවෙයි මේක විමර්ශන කටයුතු කරන්නේ, අති දක්ෂ පෞද්ගලික රහස් පරීක්ෂකයෙක් වන බෙනීත් මීට සම්බන්ධ වෙලා තියෙනවා, නිර්නාමිකයෙක්ගේ අරයුමක් අනුව.ඉතින් මොකද හිතන්නේබෙන ඊට හරි පොලිසියට හරි පුළුවන් වේවිද අපරාධකාරය කවුද කියලා දැනගන්න, නැත්නම් ඇත්තටම හාලන් සියදිවිනසා ගෙනද? ඒ ගැන දැනගන්න නම් ඔයාට මේ සුපිරි ෆිල්ම් එක බලන්නම වෙනව.