Inside Man
අද ලියන්න යන්නෙත් වෙනද වගේම සුපිරිම ගණයේ hollywood movie එකක්.මේ දවස්වල දිගින් දිගටම බලන්නේ English movies නිසා ඔයාලට වැඩිපුර ලියන්න වෙන්නෙත් ඒවම තමයි.අද අරගෙන ආපු ෆිල්ම් එක මට අහම්බෙන් බලන්න උන ෆිල්ම් එකක්.කම්මැලිකමට ෆිල්ම් හොය හොය ඉද්දි බලන් යද්දි තමයි කුතුහලය එකින් එකට දනවන විදියේ ෆිල්ම් එකක් බව තේරුනේ.ඉතින් මේකෙ නම තමයි inside man. ෆිල්ම් එකේ මාතෘකාවටම ගැලපෙන විදියේ කතාවක් තමයි ෆිල්ම් එක පුරාවටම ඇදිලා යන්නෙ. 2006 වර්ෂයේ නිකුත් වූ ෆිල්ම් එකක් තමයි මේක.ඒ වගේම ෆිල්ම් එකට imdb 7.6ක ඉහළ අගයක් ලැබිලා තියෙනවා.ඒ වගේම ෆිල්ම් එකට කොයිතරම් ඇගයීම් ලැබිල තියෙනවද කියනවනම් box office වාර්තා තියන්නත් සමත් වෙලා තියෙනවා.ඉතින් මොකක්ද මේ විශිෂ්ඨ ගනයේ ෆිල්ම් එක. හරි වෙනද වගේම පොඩි idea එකක් ගමු ෆිල්ම් එක ගැන.
හිතන්නකෝ කාටවත් හිතන්න බැරි විදියට සිදුවෙන බැංකු මංකොල්ලයක් ගැන.ඒ සිදුවන බැංකු මංකොල්ලයෙනුත් සත පහක කිසිම මුදලක් හොරකම් කරලා තිබුණේ නැත්නම් ඒක කොයිතරම් අමුතු විදිහේ දෙයක් වේවිද? Crime ,Mistry ,Thriller catagory එක යටතේ තමයි මේ ෆිල්ම් එක නිකුත් වෙලා තියෙන්නේ.අවසානයේ වෙනකම්ම මොකක්ද උනේ කොහොමද උනේ කියන කුතුහලය ඉතුරු කරන විදිය ෆිල්ම් එකක් තමයි මේක.අන්තිමටම සුපිරිම විදිහේ අවසානයක් සමග ඉවර කරන්න පුළුවන් වුනු ෆිල්ම් එකක් තමයි මේක.පෞද්ගලිකව මම නම් සෑහෙන්න අගය කරන ෆිල්ම් එකක් වගේම script එකක් තියෙන movie එකක් මේක.වැඩිය ෆිල්ම් එක ගැන ලියන්න යන්නෙ නෑ එහෙම උනොත් ඒකේ අගය අඩු වෙන නිසා ඉතින් free වෙලාවක බලන්න පුළුවන් ලස්සන ෆිල්ම් එකක් තමයි මේක.