I Saw The Devil
ඉතින් යාලුවනේ අලුත් අවුරුද්දත් එන්න එන්නම ළඟ එනවා.තව සති තුනක් විතර වගේ තමයි සිංහල දෙමළ අලුත් අවුරුද්දට තියෙන්නෙ.ඔව් ඔව් ඉතින් කාලය අපි හිතනව්ටත් වඩා ඉක්මනට ගෙවිල යනව. කොහොමහරි මේ ටිකේම hollywood movies වලට වගේම හින්දි මලයාලම් ෆිල්ම් ගැන ලියපු නිසා අද ටිකක් වෙනසක් කරන්න හිතුවා.කාලෙකට කලින් බලපු කොරියන් Tv series එකක් නිසා කොරියන් කතා වලට මගේ අමුතුම විදියෙ ආසාවක් ඇතිවුණා ඒ නිසා කාලයක්ම බැලුවේ කොරියන් ෆිල්ම් සහ Tv series විතරයි ඉතින් ඒ බලපු ෆිල්ම් අතරින් එකක් තමයි අද ලියන්න හිතුවේ.
අද අරගෙන ආව සුපිරිම සුපිරි කොරියන් ෆිල්ම් එක ටිකක් පරණ 2010 නිකුත් වුන ෆිල්ම් එකක් උනත් මේ ෆිල්ම් එක පුරාවට තියෙන්නේ අමානුෂික සහ බිහිසුණු දර්ශන තමයි.ඉතා හොඳ අගය කිරීමක් තියෙන මේ ෆිල්ම් එකට Imdb 7.8ක අගයක් හිමි වෙලා තියෙන අතරම සම්මාන 18ක්ද දිනා ගැනීමට සමත් වෙලා තියෙනවා.Action, Thriller, Psychological Thriller කාණ්ඩ කීපයටම අයත් වෙන මේ ෆිල්ම් එකේ ප්‍රධාන චරිත කීපයම සුපිරි රංගනයක නිරත වෙනවා.දර්ශන බලන්න ඔයාලගේ ලොකු කැමැත්තක් නැත්නම් මුලින්ම කියන්නම් ෆිල්ම් එක බලන්න යන්න එපා.මොකද ෆිල්ම් එක පුරාවට අතිශය සංවේදී දර්ශන ඇතුළත් වෙන නිසා.සමහර සිදුවීම් බලන්න තියා හිතන්නත් අමාරු සංවේදී සිදුවීම්.ඒ කෙසේ වුණත් ෆිල්ම් එක නම් , ඒකෙ කතාව නම් ඉතා ඉහළ අගයක තියෙනවා.මේකත් ඔයාලා බලන්නම වටින ෆිල්ම් එකක්.