GOD'S CROOKED LINES

in Steem Sri Lanka24 days ago

1000013612.jpg
source

ඉතින් ඔයාලා spanish ෆිල්ම් බලල තියෙනවද? බලලා තියෙනවනම් මොකක්ද ඔයාලගේ අදහස?මමත් වැඩිය බලලා නෑ නමුත් බලල තියෙන ඔක්කොම ෆිල්ම් වගේ මාරම ලස්සනයි. ඉතින් මම අද අරගෙන ආවෙ පළවෙනියට මම article එකක් ලියන ස්පැනිශ් ෆිල්ම් එක. මේ ෆිල්ම් එක නං මම හිතන්නේ ස්පැනිෂ් වල ගහපු හොඳම ෆිල්ම් එක වෙන්න ඇති.පිස්සු හැදෙන අවසානයක් ආරම්භයක් වගේම අන්තිමට හිතාගන්න බැරි ප්‍රශ්න වගයක් ඉතුරු කරලා ඉවර වෙන ෆිල්ම් එකක් තමයි මේක.පටන් ගත්ත වෙලාවෙ ඉඳන් දෝරේ ගලන කුතුහලයෙන් බලන්න පුළුවන් අන්තිමට මාරම මාර ශොක් එකකින් අවසාන වෙන ෆිල්ම් එකක්.psychological, thriller,murder , mystery කියන catagory කීපයටම අයත් වෙන මේ ෆිල්ම් එකට imdb 7.1ක ඉහළ අගයක් හම්බවෙලා තියෙනවා.නමුත් මගේ පෞද්ගලික මතය අනුව නම් මේ ෆිල්ම් එකට අනිවාර්යයෙන් අටට වැඩි අගයක් ලැබෙන්න ඕන.ඒ මොකද කියලා ඔයාලට ෆිල්ම් එක බැලුවොත් තේරේවි.හරි ඉතින් වෙනද වගේම පොඩි අදහසක් ෆිල්ම් එක දෙන්නම්කෝ.

ඇලිස් කියන්නේ හොඳ තීක්ෂණ බුද්ධියක් තියෙන දක්ෂ රහස් පරීක්ෂකවරියක්.මීට අවුරුද්දකට කලින් මානසික රෝහලක ප්‍රතිකාර ලබමින් සිටි තරුණ පිරිමි ළමයෙක් සියදිවි හානි කරගෙන තියෙනවා.නමුත් ඒක මිනීමරුමක් වෙන්න පුළුවන් කියලා ඒ තරුණ පිරිමි ලමයගෙ තාත්තට සැකයක් මතු වෙලා තියෙනවා.ඉතින් ඒ නිසා අවුරුද්දකට කලින් මේ මානසික රෝහලේ ප්‍රතිකාර ලබමින් සිටි තරුණ පිරිමි ළමයට මොකක්ද වුණේ කියලා හරියටම හොයලා දැනගන්න විමර්ශන කටයුත්ත භාර දෙනවා මේ ඇලිස් කියන රහස් පරීක්ෂකවරියට.නමුත් මේක හිතන තරම් ලේසි නැහැ එක පාර මානසික රෝහලට ගිහිල්ලා විමර්ශන කටයුත්ත ආරම්භ කරන්න බැහැ. ඒනිසා ඇලිසුත් මානසික රෝගියෙක් විදියට මානසික රෝහලට ඇතුළත් වෙනවා.නමුත් ඇලිස් මේකට ගියාට පස්සේ අදහගන්න බැරි අද්භූත සිදුවීම් කීපයකටම ඇලිස්ට මුහුණ දෙන සිද්ධ වෙනවා.ඉතින් මොනවද මේ අද්භූත සිදුවීම් , ඇලිස් කොහොමද මේවට මුහුණ දෙන්නේ? ඒ ගැන දැනගන්නම් ඔයාට මේ සුපිරිම සුපිරි ෆිල්ම් එක බලන්න වෙනවා.