Fight Club

in Steem Sri Lanka12 days ago

1000016664.jpg
source

Hollywood සිනමාව කියන්නේ මිනිස්සුන්ට වෙනම ෆිලින් එකක් දෙන තැනක්.Hollywood සිනමාවෙත් අනූ ගණන්වල ආපු ෆිල්ම් කියන්නේ වෙනම vibe එකක්.ඉතින් මං අදත් අරගෙන ආවේ 1999 released වුන fight club ෆිල්ම් එකයි.මේකේ නම කියෙව්වම තනිකරම fight විතරක් වෙන්න ඇති කියලා හිතුවට ෆිල්ම් එක ඊට හාත්පසින්ම වෙනස් පිස්සු හැදෙන කතාවක් තියෙන එකක්.ඒ වගේම ෆිල්ම් එකේ අවසානයට ඔළුවට සමනල් ගැටේ වැටෙන තරමටම ප්‍රශ්නාර්ථයක් ඉතුරු කරලා ඉවර වෙන ෆිල්ම් එකක්.ෆිල්ම් එක බැලුවට එකපාර තේරෙන්නෙ නැති ගොඩක් තැන් ෆිල්ම් එක පුරාවට තියෙනවා.මේ ෆිල්ම් එක මම නම් තුන් පාරක් විතර බැලුවා සම්පූර්ණ කතාවම හරියට තේරෙන්න.කොච්චර බැලුවත් එපා වෙන්නැති ෆිල්ම් එකක් තමයි මේක.හරි ඉතින් වෙනදා වගේම යමුකෝ ෆිල්ම් එකේ මොකක්ද වෙන්නේ කියලා බලන්න.නෑ නෑ අදනම් ෆිල්ම් එකේ මොකක්ද වෙන්නේ කියලා පොඩ්ඩක්වත් කියන්න යන්නේ නැහැ.මේක ඔයාලා බලලම තේරුම් ගන්න ඕන ෆිල්ම් එකක් කියල තමයි මම නම් හිතන්නේ.

Hollywood සිනමාවේ අංක එකේ අධ්‍යක්ෂවරයෙක් කියලා බය නැතුව කියන්න පුළුවන් david fincher විසින් තමයි මේ ෆිල්ම් එක අධ්‍යක්ෂණය කරලා තියෙන්නේ.ඩේවිඩ් කියන්නේ මොන වගේ අධ්‍යක්ෂකවරයෙක්ද කියලා Seven , Zodiac ,The Killer කියන ෆිල්ම් බලපු කට්ටිය නම් හොඳටම දන්නවා ඇති.ඒ හැම ෆිල්ම් එකකම කතාව හිතා ගන්නවත් බැරි විදිය සුපිරි ගනයේ ඒව.ඒ වගේම තමයි මේ ෆිල්ම් එකට imdb 8.8ක දැවැන්ත අගයක් මේ වෙනකොටත් හිමි වෙලා තියෙනව.ඉතින් හිතාගන්න පුළුවන්නේ ෆිල්ම් එක මොන වගේ තත්ත්වයකද තියෙන්නේ කියලා.ඔස්කාර් නිර්දේශ වීම සමගම සම්මාන දොළහක් ලබාගන්නත් මේ සිනමා නිර්මාණයට සමත් වෙලා තියෙනවා. Crime , Thriller, Drama , PPsychological thriller කියන කාණ්ඩ කීපයටම අයත් වෙන මේ ෆිල්ම් එක ඔයාල බලන්නම ඕන එකක්.