BLOOD DIAMOND

in Steem Sri Lanka5 days ago

1000166022.jpg
source

ඉතින් යාළුවනේ ඔයාලා පරිස්සමෙන් ඇති කියලා හිතනවා.අද අරගෙන ආවේ 2006 වසරේ නිකුත් වූ Adventure, Triller, Political Thriller කියන කාණ්ඩ කිහිපයටම අයත් වෙන ලස්සන ෆිල්ම් එකක්. මිනිසාමයි ලොව දෙවියන් වන්නේ- මිනිසාමයි ලොව තිරිසන් වන්නේ, කියන සිංදුවට හොඳටම ගැලපෙන ෆිල්ම් එකක් තමයි මේක.IMDB 8.0ක ගෙයක් දැනටමත් ලබා ගෙන තියෙන මේ ෆිල්ම් එක 2008 වර්ෂයේ ඔස්කා උළෙලෙදි සම්මාන අටක් දිනා ගන්නත් සමත් වුණා. මම මේ තාක් බලපු ෆිල්ම් ෆිල්ම් ඉතා සංවේදී සහ සුවිශේෂීම ෆිල්ම් එකක් විදියට මේක හඳුන්වන්න පුළුවන්.හරි ඉතින් වෙනද වගේම එහෙනම් පොඩි හැඳින්වීමක් ෆිල්ම් එක ගැන කරන්නම්.

සීරා ලියොන් කියන දියමන්ති වලට ප්‍රසිද්ධියක් දක්වන රටේ සොලමන් කියන ධීවරයගේ ගම්මානයටත් විප්ලවවාදීන්ගෙන් ප්‍රහාරයක් එල්ලවන අතර සොලමන් ඔවුන්ගේ භාරයට ලක්වෙනවා.මේ දවස්වල සීරා ලියෝන්වල නිදහස් යුද්ධයක් ක්‍රියාත්මක වන නිසා ඔවුන්ගේ ළමයින්ට සහ බිරිඳට උනේ මොකක්ද කියලවත් සොලම්න්ට දැනගන්න ලැබෙන්නෙ නැහැ.ඉතිං ඔය විදිහට විප්ලවවාදීන්ගේ අණ අනුව සොලමන්ට එහි පතළක වැඩ කරන්න සිදුවෙනවා.මේ පතලෙදි සොලමන්ට ජීවිතය වෙනස් කරන සිදුවීමකට මුහුණ දෙන්න ලැබෙනවා.ඔහුට ඉතා වටිනා දියමන්තියක් හමුවෙනවා.මේ එක්කම සිදු වෙන හමුදා වැටලීමකින් සොලමන් ඔවුන්ගේ භාරයට යටත් වෙනවා.ඉතින් ඉන්පසුවනම් සොලමන්ට මුහුණ දෙන්න ලැබෙන්නේ ඉතාම දරුණු සිදුවීම් කිහිපයකටයි.මේ දියමන්තිය ගැන දන්නෙ සොලමන් විතරයිද? සොලමන්ට එයාගේ පවුල ගැන විස්තරයක් දැනගන්න පුළුවන් වේවිද? ඒ ගැන දැනගන්නම් ඔයාට ෆිල්ම් එක බලන්නම වෙනවා.