Asthram

in Steem Sri Lanka25 days ago

1000009031.jpg

source

මම කාලයක් එක දිගට මලයාලම්, තෙලිගු වගේම හින්දි serial killer එහෙම නැත්නම් දාම ඝාතක ෆිල්ම් වලට ඇබ්බැහි වෙලා හිටියා.නමුත් ටික කාලයක් යද්දි එක දිගට බලපු නිසාමද මන්දා කතාවල වෙනස් බවක් මට පෙනුනේ නැහැ. ගොඩක් වෙලාවට ඒකාකාරී බවක් තේරුන නිසා මම ටික කාලයකට ඒ category එකේ ෆිල්ම් බලන එක නැවැත්තුවා.නමුත් ලඟදි ආපු මේ ෆිල්ම් එක ගැන ගොඩක් අය කියපු නිසාත් rating වල ඉහල අගයක් ලබා තියෙන නිසාත් මට බලන්න හිතුනා. මේකෙ කතාව නම් ටිකක් වෙනස්, ඒ වගේම කුතුහලයක් ගොඩක් දුරට වැඩි ෆිල්ම් එකක්.2025 ලඟදි ආපු මේ ෆිල්ම් එකට imdb 9ක ඉතා ඉහළ අගයක් ලැබිලා තියෙනවා.සමහරවිට ආපු මුල නිසා වෙන්න ඇති. ටික කාලයක් යද්දි යම්තාක් දුරකට අඩු අඩුවෙන්නත් පුළුවන් නැත්නම් නොවෙනස් වෙන්නත් පුළුවන්.හරි ඉතින් වෙනද වගේම බලමු කතාවෙ මොකක්ද සාරාංශය කියලා.

නගර කිහිපයක තැනින් තැන අබිරහස් විදියට සියදිවි නසාගැනීම් කිහිපයක් සිදුවෙනවා.මේ අය ජීවිතය නැති කරගන්නේ පිහියකින් බඩට ඇනගෙන.මේක ඉතින් අසාමාන්‍ය සිදුවීමක්නේ.ඒක නිසාම හොඳ රහස් පරීක්ෂක වගේම තියුණු බුද්ධියක් තියෙන අකිලන් කියන පොලිස් නිලධාරියට මේ ගැන සැකයක් මතු වෙනවා.ඒ නිසා මේ පිළිබඳව ඔහු විසින් විමර්ශනයක් සිදු කරනවා.ඔන්න ඉතින් අකිලන්ට මේ සිද්ධිය පිළිබඳව හිතා ගන්නවත් බැරි විදිය හෝඩුවාවන් කීපයක්හමුවෙනවා.බැලූ බැල්මට සියදිවි නසාගැනීම් වුණාට මේක සූක්‍ෂම අයුරින් කරපු දාම ඝාතන ක්‍රියාවලියක් කියලා අකිලන්ට තේරෙනවා.ඉතින් මෙහෙම වෙන්නේ කොහොමද? මේවා සියදිවි නසා ගැනීම් කියලා 100%ක්ම මරණ පරීක්‍ෂණවලින් තහවුරු කරලා තියෙන්නෙ. ඔන්න ඔය වගේ උත්තර හිතාගන්නවත් බැරි ප්‍රශ්න කීපයක් අනුව තමයි මේ කුතුහලය පිරුණු ෆිල්ම් එක ආරම්භ වෙන්නේ.පටන් ගත්ත වෙලාවෙ ඉඳන් පිස්සුවෙන් වගෙ බලන්න පුළුවන් අමුතුම විදියෙ ලස්සන ෆිල්ම් එකක් තමයි මේකත්.