FTS Premier League 2024steemCreated with Sketch.

in Steem Sri Lanka5 days ago


IMG_2432.jpg

හායි යාලුවනේ කොහොමද ඔයාලාට. ඔන්න අපෙ FTS ක්‍රිකට් මැච් එකත් 2 වෙනිදා තිබුනා හරිම ලස්සනට. පෝස්ට් ගොඩක් හදන්න තිබුන නිසා මට නම් වැඩ ගොඩක් තිබුනා මැච් එක ඉවර වෙනකන් ම. අපෙ years හතර වැඩ බෙදාගෙන කරේ. ඒක ලේසි නිසා. 4th years ලාට production, research එහෙම තිබුන නිසා මැච් එකේ සම්පූර්ණයෙන්ම වගකීම තිබුනෙ 3rd year අපිට. පිරිමි ළමයින්ගේ ටීම් 5 ක් ගෑනු ළමයින්ගෙ ටීම් 4ක් තිබුනා. ඩිපාට්මන්ට් එකේ සර්ලා මිස්ලාත් ඒ ටීම් වල හිටියා.උදේ නවයට පටන් ගත්ත මැච් එක ඉවර වෙද්දී හවස 6.30 වගේ වුණා. සංග්‍රහ බාර වෙලා තිබුනෙ 1st year එකට. බීම නම් පහකට වැඩිය බිව්වා මන්😋.


IMG_2734.jpg

හොදම වැඩේ තිබුනෙ ඊට පස්සේ. සම්මාන එහෙම දිනුව කන්ඩායම් වලට දීලා. රෑ වෙලා මල් වෙඩි සන්දර්ශනයක් තිබුනා. ඒකෙ phto ගහගන්නනම් බැරි වුණා ඉතිම්. ඊටත් පස්සෙ තමා හොදම වැඩේ. මොකද්ද දන්නවා ද ඩීජේ එකක් තිබුනා. නැටුවා ඉතිම් ඇති වෙන්න. වැස්සෙ තෙමි තෙමී නැටුවා. මොන්ටාජ් එක දවසෙ තිබුන ඩීජේ එක තරමටම ලස්සන නෑ. ඒත් සෝක් නැටුව ඉතිම් ඒ නිසා ග්‍රවුන්ඩ් එකේම. ඊට පස්සෙ නවයට වගේ බෝඩිමට ආවා කෑම එකකුත් අරන්. හොදටම තෙමිලා නිසා නෑවා ආව ගමන්ම. ඊට පස්සෙ කාලා නිදාගත්තා. ඇග රිදෙනවා හොදටම. උදේ නැගිටිනකොට උණ🥲. බෙහෙත් ගන්න යන්නත් කම්මැලි හිතුන නිසා තිබුන බෙහෙත් ටිකක් බීලා. සමහන් එහෙම බිව්වා. MC එකත් ඉරිදාට වහලානෙ. ඒ බිව්ව බෙහෙත් වලට ලෙඩ හොද වුණා. බෙහෙත් බීලා හොදට නිදාගෙන හිටියට පස්සේ. දැන් ලෙඩ හොදයි. එක දිගටම මහන්සි වුණ නිසා වෙන්න ඇති උණ හැදුනෙ. බායි යාලුවනේ. තවත් ආටිකල් එකකින් හම්බවෙමු.


05.jpg