ජීවිතේ අපි කරන්නෙ නැතිම දේ
ජීවිතේ කියන්නේ හරි පුදුම දෙයක් , අපි හැමෝගෙම හිත්වල නොකියන රහසක් තියනවා . අපි මේ ගෙවන මොහොතට වඩා අපි අතීතයට ආදරේයි . ඒක වැඩියෙන්ම දැනෙන්නේ ගෙදරින් ඈත් වුනාම ,
විශේෂයෙන් ම හැම දේම තනියම කර ගන්න වුන දවසට , ඒදා අපිට හැමදේම ලේසීයෙන්ම කරල දෙන්න අම්මා , තාත්තා අපි ලග හිටියා . ඒත් එයාලා දැන් අපිට හැමදේම තනියම කර ගන්න ඉඩදීලා ඒ දිහා බලන් ඉන්නවා . " අනේ .. ආයෙමත් ඒ කාලෙට යන්න තිබුනා නම් " හිතෙනවා නේද ? ඒත් ඒක කිසිම දවසක සිද්ද වෙන්නෙ නෑ.
Image source
ස්භාදහම අපි හැමෝටම සමානාත්මතාව හරි අපූරුවට බෙදලා දෙනවා . අපි හරි ආසයි පුංචි කාලේ හිටිය විදියටම ඉන්න . ඒත් ඒ කාලේදි මට මතකයි ඉක්මනට ලොකු වෙන්න ඕන කියලා ඕනතරම් හිතලා තියෙනවා . ඔයත් එහෙම හිතලා ඇති . ඒත් හැමදාම අපි පුංචිට හිටියනම් අම්මායි තාත්තයි හැමදාම අපි ගැන කරදර වෙන එක විතරයි කරන්නේ. ලෝකේ අසාධාරණ නෑ. අපිටත් කරදර වෙන්න කාලයක් දීලා බලන් ඉන්නවා .
මේ හැගීම එක් කෙනෙකුට විතරක් සීමා වුන එකක් නෙමෙයිනෙ, පෘතක්ජන මිනිස්සු වුන අපි හැමෝටම එක එක කාල වලදී ඇති වෙන හැගීමක්, අතීතය තවදුරටත් අපි වර්තමානයක් කර නොගත යුතුයි . පසුතැවිලි වෙලා දුක් වෙනවට වඩා හොදයි මේ මොහොතේ ජීවිතේ හරි විදියට විදින එක .
විදින විදවන ජීවිත අතරෙ මොකටද අපි විදවන කෙනෙක් වෙන්නෙ . ජීවිතයට පසුතැවිලක් ඇති නොවන විදියට අපි ජීවිතය විදින්න ඕන . අපි ජිවත් වෙලා ඉන්නෙ ටික කාලයයි . මේ ඉන්න ටික කාලෙට ඇයි අපි පිටුපස හැරිල බලන්නේ.
අපි අතීතයේ ජීවත් වෙන එක නෙමෙයි කරන්න ඕන , අතීතයේන් පාඩම් ඉගෙන ගන්න එකයි කරන්න ඕන . අපි කරන්නෙ නැත්තෙමත් ඒක .
ස්තුතියි .