දුක සහ සතුට දුටිමි.

in Steem Sri Lanka4 years ago

IMG_20210715_125249.jpg
අම්මේ ඔන්න මන් ගෙදරින් යනවා යන්න.යන්නත් ආසයි අලුත් සගයගෙ ගෙදරට.ඒත් කොහොම අතහැරල යන්නද අපේ ගෙදර,හිත හොන්දටම හිර වෙලා අම්මේ.ඒත් යන්නම වෙනවා.මල්ලියේ ඔන්න උඔලට බාරයි අම්මයි,තාත්තයි.දෙයියනේ එහෙමත් අතහරින්ට.බෑ බෑ.ගෙවල් දොරවල් යකාට ගියාවේ,ඉපදුන දවසෙ ඉන්දලාම අත හැරියේ නැති ,එක තප්පරයක් පරක්කු උන හැටියේ මොන දීපන්කරේට හරි හොයාගෙන එන ,ඔහෙලා කොහොමද අද හිත හයිය කරන් අද.පුදුමයි අම්මේ.ඔන්න අම්මේ මට නම් බෑ එන කදුලු වහන්ට.මූනට දාපූ මේකප් තට්ටු යකාට ගියාවේ.ඔන්න මගේ හිත නිදහස් කියල හිතුනා.
IMG_20210715_182008.jpg
ඔය ඇස් වින්ද දුක සතුට,වැඩි අඩුව හොදටම දැන උන්නේ මේ දුව තමයි අම්මේ.අද ඉදලා ජීවිතේට එන ප්‍රශ්න වලට උත්තර හොයන්න අම්මා ලගට දුවලා එන්න බැහැනෙ අම්මෙ.ඔන්න මාව හදලා ලොකු කරලා බාර දුන්නට,ඔහෙලා දෙන්නට.ඔය තෑගී විතරක් ඇතිද,ඔන්න බෑනෝ තෑගි නැතුවට කමක් නෑ කෙල්ලගෙ දුක සැප බලගන්න.ඔන්න අපෙ අමමා.
IMG_20210715_125656.jpg
අපිව හැඩ කරලම අම්මලා වයසට ගිහින්.කාලය දුවනවා පස්ස බලබල.මගෙ නම් හිතත් දුවනවා අම්මේ.ඔන්න ටික ට්ක කාලේ ඉවර වෙන්න ලගයි.නැකතකට.
IMG_20210715_182422.jpg
උරුමක්කාරය එක්ක කනකොට මගෙ බඩ නම් පිරුනා.ඒත් අන්තිම බත් කට හිර උනා.අනේ අම්මේ අපි පස්දෙනානේ වෙනදට එකට කන්නේ.අද ඔහෙලා බඩ පිරෙන්න කෑවද?
IMG_20210715_182107.jpg

අපෙ අම්මලාට බෙර ගහලා මාව ගෙදර ගේන්න බැරි උනාට,ඔන්න එද නම් ඒ ගෙදර උදවිය බෙරත් ගහනවා.ඒත් ගෙදර ලගට යනකන්නෙ අම්මෙ.මල් මාලත් දාලා අඩම්බරද අපෙ අම්මේ, තාත්තට.
IMG_20210715_181940.jpg

IMG_20210715_181037.jpg
ඔහෙලා මාව රන් කෙන්දෙන් බැදලා මල් පාරෙ යවන කොට බිත්තිය පැත්ත හැරිලා ඇන්ඩුව කියලා පොඩ් මල්ලි කීවා.
IMG_20210715_124511.jpg
ඔන්න ඔය පින්තූරේ දිහා බලලා හිත හදා ගන්න අම්මේ.තාත්තාටත් කියන්න.
IMG_20210715_181640.jpg
බුදුන්ට කීවා,හිත තලන්න එපා කියලා ඔහෙලගේ.වගකීම් පිරිලා ගිය වෙලේ ඉන්දන්ම.උරුමක්කාරය නම් දුකට සැපට දෙකටම ඉන්නවා අම්මේ.ඒ හින්ද හිතට ගොඩක් සතුටුයි.ඔන්න බාර දීලා ගිහින් ගේ මුල්ලකට වෙලා අඩනවා එහෙම නෙමේ ඔන්න.
IMG_20210715_181511.jpg
දුවගෙන දුවගෙන එන්නම් ඉක්මනටම ඔහෙලා බලන්න පොඩ්ඩෙක් එක්කරන්.ඒ එනකන් මගබලාන ඉන්න අපෙ අම්මෙ තාත්තා එක්ක.බුදුසරණයි.ඔන්න මන් නවතිනවා.
IMG_20210715_181759.jpg

Sort:  

Every girls' story. Little things in the plot may differ from each other..! Nicely written and those words made my eyes teary.

Thank you.yes it will be the every girls story forever .as a girl we must face to this strongly .

@wasana(49); විවාහ වෙන හැම ගැහැණු දරුවෙකුටම පොදු හැඟීම්, සිතිවිලි අකුරු කර තිබෙන විදිය අපූරුයි.

ඔබට ස්තූතියි බෙහෙවින්ම.හදවතින්ම එන සිතුවිලි අකුරින් ලියන කොට එතරම් සුන්දරවනවා නිසකයි.

A day that every girl eagerly awaits is truly a very emotional day.My wedding anniversary is next month'.

I hope,and bless your day will be unfounforgettable .

This is heart touching 😍

Thank you.that is what i hoped from my friends .