ලඟයි... ලඟයි...

in Steem Sri Lanka2 years ago

අපේ තිලෝගුරු සම්මා සම්බුධු බුදු පියාණන්ගේ ඉපදීම, බුදු වීම, පිරිණිවන් පෑම යන උතුම් මංගල්‍යයන් සිහි පත් කරමින් පවත් වන අපේ වෙසක් උත්සවයට තව තියෙන්නේ හිරියටම දින එක හමාරයි . මම හිතන්නේ සෑම නිවසකම වගේ මේ වෙනකොට වෙසක් උත්සයවය වෙනුවෙන් ගෙවල් වල ලක ලෑස්ති වෙනවා ඇති. ඔන්න අපේ ගෙදරත් අපි පටන් ගන්න යන්නේ. වැඩ පටන් ගන්න පෙර මට හිතුණ අපේ සූදානම් වීම ගැන ඔයාලත් එක්ක බෙදා ගන්න.

image.png

image.png

පසු ගිය අවුරුද්දේ සැරසිලි වල සැකිලි අපි එහෙමම පෙට්ටි වල දාල අරන් තියනවනේ ඊළඟ අවුරුද්දේ ප්‍රයෝජනයට ගන්න. ඉතින් අද තමා දවස ඒ පෙට්ටි එලියට ගත්ත.

මේ සැරේ නම් වෙසක් අවුල් යයි වගේ. මොකද අපේ පැත්තේ හොදටම වහිනවා. මගේ මහත්තයා බලබ් වැල් දාන්න පෙර සුදානම් වෙන මොහොත. ඒත් එලියට බහින්න විදියක් නෑ වැස්ස.

image.png

වහිනවා දකින කොට කුඩුවක් වත් අලවන්න හිත දෙන්නේ නැහැ. අපේ වත්තේ කාන්තා සමිතියෙන් ලොකු කුඩුවක් සමිති ශාලාවේ මිදුලේ ගහන්න ලෑස්ති කරලා තියන්නේ. ඒකට නම් වහලයක් ගැහුවා ඒත් හිලිකඩ වලින් බාධා ඇති වෙයි කියල මගේ හිත කියනවා.

වැස්සොත් වෙසක් බලන්නවත් යන්න බැරි වෙයි වගේ. කොහොම වුණත් අපේ පොඩි හරි සුදානමක් තියෙන්න ඕනිනේ. ඉතින් අපි දෙන්න කෝකටත් කියල අපේ වැඩේ පටන් ගන්නයි යන්නේ.

මේදා පාර මිදුලේ ගස් වල බල්බ් වැල් දාන්න බැරි වෙයි කියල අපි දෙන්න තීරණය කලා ගෙදර වහලේ වටේ බලබ් වැල් දාන්න. කූඩුවක් ඇලෙව්වත් එල්ලන්න බැරි වෙයි කියල හිතල මම කීව බල්බ් වැලේ අතිරින් පතර හාෆ් සීට් වලින් කූඩු හදල එල්ලමු කියලා.

අපේ ගෙදර තියනවා ප්ලාස්ටික් වලින් හදපු අට පට්ටම් සැකිලි පහක්. එයින් එකක් අලවල හුඩ් එක යට තියන බල්බ් එකේ එල්ලමු කියල තමා අපි දෙන්න තීරණය කලේ. වැස්ස පෑව්වොත් තාප්පේ දිගේ පොල් තෙල් පහන් දල්වන්නත් තීරණය කර ගත්ත.

image.png

පසු ගිය අවුරුද්දේ පාවිච්චි කල බකට් දොළහකුත් තියනවා. වැස්සේ නැත්නම් ඒකත් පත්තු කරන්න පුළුවන්. මම හරි ආශයි මිදුල පුරා තියන ගස් වල පුළුවන් තරම් බකට් එල්ලන්න. බල්බ් දානවට වඩා ලස්සනක් මම ඒකෙන් දකිනවා.

කොහොම හරි අපි දෙන්න දැන් සුදානම් වෙන්නේ වෙසක් සැරසිලි කරන්නයි. අපි කරපු වෙසක් සැරසිලි මම පස්සේ ඔයාල එක්ක බෙදා ගන්නම්.

නැවත හමු වෙන තුරු ස්තුතියි.