කාල බලමුද මෙහෙම හදපු කෑමක්
අපේ @damithudaya කුරහන් ගැන ලිපියක් දාල තිබුන. ඒක කියෙව්වාම මම දැක්ක ඔහුට කුරහන් වලින් හදන කෑමක් වන හැලප ගැන සදහන් කරන්න අමතක වෙලා තිබුන බව. ඉතින් මට හිතුන කුරහන් හැලප ගැන ඔයාලත් එක්ක තොරතුරු බෙදා ගන්න.
හැලප කියන්නේ හරිම රස කෑමක්. මම නම් අපි පවුල පිටින් චාරිකා වල නිරත වෙද්දී හදා ගෙන යන්න අමතක නොකර කෑමක් තමා මේ හැලප කියන්නේ. ගානට සීනි පැණි එක් කරල හදපු කුරුහන් හැලපයක් කාල ඉඟුරු දාල හදපු ප්ලේන් ටී එකක් බිව්වම දැනෙන සනීපෙ කියල විස්තර කරන්න අමාරුයි. ඒ නිසා අපි ගමනක් යනකොට හැලප පාර්සලයයි ඉඟුරු දාපු තේ වතුර flask එකයි වරදින්නේ නැහැ.
තරබාරු පුද්ගලයෙක්ට ගත හැකි සෞඛ්‍ය සම්පන්න ආහාරයක් ලෙස කුරහන් මිශ්‍ර ආහාර නම් කල හැකයි. කුරහන් කියන්නේ රළු ආහාරයක් නිසා කුසගින්න මග හරවා ගන්න කියාපු ආහාරයක් ලෙස හදුන්වන්න පුළුවන්. කුරහන් වල වැඩිපුර තියෙන්නේ ඇමයිනෝ අම්ල නිසා ආහාර රුචිය අඩු වී නිතර බඩගිනි වෙන ගතියත් අඩු වෙනවා. ඉතින් මේ වගේ චාරිකාවකට එක් වුණාම අපිට ගෙදර ඉන්නවා වගේ නිතර කන්න ලැබෙන්නේ නැහැ. ඒ වගේම අපේ ආහාර කොයි මොහොතේ කොතනකදී ගන්නවද කියල තීරණය කරන්නත් අපහසුයි. ඉතින් ඒ වගේ වෙලාවක් කුරහන් හැලපයක් කාල තේ එකක් බීවම අපේ ප්‍රධාන ආහාර වේල කොතරම් පරක්කු වුනත් අපිට දැන්නේනේ නැහැ.
සමහර පළාත් වල කුරුහන් හැලප වලට කැන්ද කොළ කියල භාවිතා කරනවා. මම නම් ඔය දෙකම කියනවා.
ඉතින් අපි බලමු මේ කුරහන් හැලප හදා ගන්නේ කොහොමද කියල. මේක පළාතෙන් පළාතට පුද්ගලයාගෙන් පුද්ගලයට හදන ක්‍රමය වෙනස්. මම ඔයාල එක්ක බෙදා ගන්නම් මම හදන පහසු ක්‍රමය.
![]() |
![]() |
ගා ගත් පොල් බෑයක පොල්
කුරහන් 500g
පාන් පිටි 100g
සීනි හෝ පැණි අවශ්‍ය ප්‍රමාණයට
ලුණු ස්වර්පයක්'
වතුර කෝප්පයක්
පළමුවෙන්ම සීනි ටිකට වතුර කෝප්පයක් එක් කර හොදින් උණු කරගන්න. පසුව එයට අවශ්‍ය ප්‍රමාණයට ලුණු එකතු කර ගන්න. ඉන්පසු ගා ගත් පොල් ටිකද ටිකෙන් ටික එකතු කර පොල් පැණි මැලවෙන්න හරින්න. ඉන් පසු ලිප නිවා දමා කලවම් කරගත් පාන් පිටි සහ කුරහන් පිටි මිශ්‍රණයෙන් ටික ටික එකතු කරමින් හොදින් අනාගන්න. අතේ නො ඇලෙන ගානට පදම් වූ පසු ලිපෙන් බා කුඩා ගුලි සාදා ගෙන කැන්ද කොලයක් මත තුනී කර වන්ඩුවේ දමා හෝ ඉඳි ආප්ප තම්බා ගන්නා ආකාරයට තම්බා ගන්න. හොදින් නිමුණ පසු ආහාරයට ගන්න. මතක තබා ගන්න පාන් පිටි ප්‍රමාණය වැඩි නොකර ගැනීමට. එහෙම වුනොත් හැලප වල තියන නියම රසය ගන්න අමාරුයි.
![]() |
![]() |
![]() |
![]() |
![]() |
![]() |
දිනක් දෙකක් තියා ගන්න නිසා තමා සීනි හෝ පැණි උණුකර පොල් පැණිය හදා ගන්නේ. එවෙලට කන්න නම් මම පැණි උණු නොකර සියල්ල එකට කලවම් කර හැලප හදා ගන්නවා. ඉතින් ඔයාලත් හදල කාල බලන්න.
Thank you, friend!


I'm @steem.history, who is steem witness.
Thank you for witnessvoting for me.
please click it!
(Go to https://steemit.com/~witnesses and type fbslo at the bottom of the page)
The weight is reduced because of the lack of Voting Power. If you vote for me as a witness, you can get my little vote.
මම ගොඩක් ආස කරන කෑමක්. හම්බෙන පොඩි නිවාඩුවකට වුනත් කොහොම හරි ගෙදර දුවන්න හිතෙන හේතු අතරෙ හැලප කියන්නෙත් රස හේතුවක්.....😍
නොකිව්වට මොකද කාගේ කාගෙත් රස කෑමක් තමා හැලප.
Asama kamak.... Ape gedarath waradinne na... Poddak amathaka una mta...
Ekane kiyanne, hamoma kamathi kamak.
Mamath harima asama kemak....
දවසක කලින් කියල එන්න මම හදල තියන්නම්.
පොඩි කාලෙ හරිම ආසයි හැලප කන්න.අම්මා school canteen එකෙන් ගෙනත් දුන්නා. හැබැයි කවදාවත් හදලා නෑ. Try කරලා බලන් ඕනෙ.
අම්ම එක්ක එකතු වෙලා හදන්න. හරිම ලේසියි.