කොච්චි මිරිස්...

අපේ ගෙදර නම් සාමාන්‍යයට වඩා වැඩියෙන් කොච්චි කනවා. අම්මලා ඒම කන්න කැමති හුඟක්. මාත් ඉතින් අකමැත්තක් නෑ ඉතින්.. කොස් තම්බල පොල් දාලා කනකොට කොච්චි නැත්නම් ඉතින් වැඩක් නෑ..

කොච්චි ගහ ගැන බැලුවොත්.. අපේ ගෙදර නම් හැමතැනම වගේ කොච්චි පැළ තීනවා. මම මේ ළඟදී පොඩ්ඩක් තේ ඉඩමේ රවුමක් දානකොට දැක්ක කොච්චි වලින් පිරුණු කොච්චි ගහක්. මම පොඩ්ඩක් කඩන් ආව එනකොට. අම්මට කිව කොහෙද ගහ තින්නේ කියලා. බලනකොට අම්මා ඒ ගහ හොඳට දන්නවා..

කොච්චි මේම හැමතැනම පැළ වෙලා තියෙන්නේ ඉතින් කුරුල්ලෝ හින්ද තමයි. කොච්චි කරල් ඉදුනම ලස්සන රතු පාටක් නේ තින්නේ. ඉතින් කුරුල්ලෝ ඇවිල්ල මේවා කනවා. උන්ට සැර නැද්ද මන්ද අෆ්ෆා. කනවා හැබැයි කොමහරි. ඉතින් පස්සේ උන් තව කොහෙහරි ගිහිල්ල මලපහ කරාම වැටෙන ඇට වලින් එතනත් පැළ එනවා.

මට ඒ කොච්චි ගහ දැකල හිතුන පැලයක් බෝඩිම පැත්තේ අරන් ගිහිල්ල පැළ කරන්න. කලින් ගෙනියපු මෑකරල් ඇට ටික ත් ඒම ම ඇති හැබැයි.. බලමු බලමු.. කොච්චි පැලයක් පැළ කරලම වැඩේ අරඹන්න.. ✌️😌
මාත් ආසම කෑමක් 😋
සේම් කොල්ලෝ
කොච්චි සම්බෝල කාපු කාලයක් මතක නෑ.😵😵
උළුදු වඩේ එක්ක කෑවා වගේ මතකය් 😌
ethakota tamayi niyama gathiya tiyenne 😂😂.
ඒක නම් ඇත්ත 😅😅
දාඩිය දාන්න දැනෙනවා එතකොට
aththatma danenne ndda manda😁
ඒක තමයි නේ
නිකන් නේ කන්නේ
අපි වගේ බත් එක්කත් නෙවෙයි 😂
ඇත්ත. 😋
අපිත් කොච්චි පැළ ටිකක් හදන් ඉන්නවා.
අපි හිටවන්නේ නෑ
නිකන් ම පැල හැදිලා තිනවා..
කොච්චි සම්බෝලයක් එක්ක කන්න පුළුවන් ඕනි කෑමක්. හැබැයි සැර කෑමේ හැකියාව උපරිම විය යුතුයි . බෝඩිමෙත් පැල කරගන්න කොහොමහරි😁
මාත් මෙහෙ පැල 2ක් ගෙනල්ල හිටෙව්වා.
එකක් හරි ගියා 😌
matath palayak genlla dennako. apeha thiyenawa eth hariyata ekaka na godak ena. dam pata ewath thiyenawa mehe
පොඩ්ඩක් එලියට බැහැල ඇවිදලා බලන්න
හුඟක් පැල තිනෝ වටේ පැල වෙලා 😏😏
අපේහ සුදු කොච්චි ත් තිනෝ 😌