වීදි දරුවෝ | 5% to SL charity
වීදි කෙලවර අඳුරු මුල්ලක...
හඬා හිනැහෙන මිණි පහන් දෙක...
මුවින් නොදොඩා එකඳු වදනක්...
ජීවිතේ බර කියාවී...
පිනක් නොමැතිව සෙවණේ ඉන්නට..
කිසිත් අහරක් බඩට නොමැති ව..
සිඟිති සිනහව මුවේ රන්දා ..
හීන දහසක් මවාවී...
සියක් දුක් මැද කිරි සිනා මුව...
දකිනු රිසියෙන් වෙහෙස වූ සිත...
අනෝරා වැසි පවා පසුකර..
ඔවුන් දිවි බර ගෙවාවී..
පොදි බැදන් රස මසලු එක පිට..
දුවති මිනිසුන් සල්ලි දැක දැක..
නොදී කහවනුවක් කිසිම විට..
පින් කලා යයි කියාවී..
වීදියට නුඹ සින්න වෙන්නට...
පුංචි කැකුලිය මිලින වෙන්නට...
නොදී සුරැකිව ලොව දකින්නට...
වාරුවක් නැත මුවා වී...
Steem Sri Lanka Discord Channel
✵✵✵✵✵✵✵✵✵✵✵✵✵✵✵✵✵✵✵✵✵✵✵✵✵✵✵✵✵
I am also the mother of a daughter. I do not want to see such an event in a painting. Although unbearable, there are many such incidents in the society.May the mothers of this world protect the children who grow up without the protection of a father and the warmth of a mother! Take care!
Yes. it's a painful scene for you as well as us. But this is the hidden side which we never see. We always see normal children who have at least daily needs and parents in our real life and through the tv. But how many street children are there in our country 😥😥 most of the time they have no even food. it's really sad to see them.
Just amazing. You have put your words in a very interesting manner. 💖😍
what you are trying to say here is very emotional. They are too little to experience that kind of hard life. 😥😥
Yes, dr. when I saw that picture, I felt so sad about them. It has been more than 2 months since this poem was written.. So I thought of sharing it with you. And thank u for ur appreciation