Finally, It Was Released | 5% For sl-charity
ටික දවසකට පස්සෙ අද තමා මොනාහරි ලියන්න ඕනා කියල හිතුනෙ..ගෙවුනු දවස් කීපය මට ටිකක් විශේෂ උනා. ඉතින් මන් හිතුවා අද ඒ දේවල් බෙදාගන්න..

සැප්.21 නම් එච්චර හොද දවසක් උනෙ නෑ මට.. 22 වෙනිදා නම් විශේෂ දවසක්, මොකද මගෙ 17 වෙනි ජන්ම දිනය යෙදිල තිබුනේ එදා..😃කොහොමත් ලොකුවට සමරන්න නම් උනේ නෑ.. ඒත් අපේ අම්මා උදේම කේක් එකක් නම් ගෙනත් තිබ්බා..තව ඉතින් පොඩි පොඩි කෑම ජාති හදලා රෑ තමා කේක් එක කැපුවෙ..
අම්මා තමයි හැම දේටම මහන්සි උනෙ,මාත් පොඩ්ඩක් උදව් කරා හැබැයි.. රෑ 12 ඉදන්ම ගොඩක් wishes ඇවිත් තිබුනු නිසා අම්මා ගෙදර ආවට පස්සෙ දවසින් වැඩි හරියක් ෆෝන් එකේ එල්ලිලා තමා ඉන්න උනේ..
මේක තමා අම්ම ගෙනල්ල තිබ්බ කේක් එක..අපේ ගෙදර ඉතින් කොල්ලො දෙන්නෙක් ඉන්න නිසා පැය ගානෙන් කේක් එක වාෂ්ප උනා වගේ දෙයක් උනේ..
ආ තව විශේෂ දෙයක් උනා. first time, මන් kapruka.com එකෙන් ඕඩර් කරපු chocolate milk shake, 22 වෙනිදා උදේම මට ලැබුනා. අපේ ගෙදර ටවුන් එකෙන් ගොඩක් ඇතුලට වෙන්න තියන නිසා එයාලගෙ delivery chargers නම් ටිකක් වැඩි උනා ..ඇත්තටම කිව්වොත් මන් ඕඩර් කරපු මිල්ක් ශේක් වලටත් වඩා වැඩි ගානක් ඒකට ගෙවන්න උනා.. මන් ඒකත් එක්කම pizza එකකුත් ඕඩර් කරලා තිබ්බට 21 වෙනිදා එයාලගෙන් නරක ආරංචියක් තමා ලැබුනෙ.. අපේ ඇඩ්‍රස් එකට එවන්න බෑ කියලා කෝල් කරල කිව්වට පස්සෙ ඒ අදහස අත ඇරගන්න උනා.. මිල්ක් ශේක් එකත් නරකම නෑ හැබැයි😋..ඒත් අපේ අම්මගෙ හිත දිනාගන්න නම් ඒකට බැරි උනා..
එදා දවසත් ඉතින් ඔහොම්ම ගෙවිලා ගියා..23 වෙනිදත් රෑ වෙනකන් විශේෂ දෙයක් උනේ නෑ.. එක පාරටම O/L result එනවා කියල යාලුවෙක් දාපු මැසේජ් එකත් එක්ක අපි ගොඩක් සප්‍රයිස් උනා..කොහොමහරි අන්තිමට ඒකත් ආවා..හැබැයි music වල රිසල්ට් එක නම් ඇවිත් තිබ්බෙ නෑ.. හිතන් හිටිය A/L subjects තෝරගන්න පුලුවන්ද කියල confirm කරගන්න පුලුවන් නිසා කොහොමහරි ආපු එකත් හොදයි..මට වගේම මගෙ යාලුවො හැමෝටමත් හොද ප්‍රතිඵල වගේම ආසාවෙන් හිටිය විෂයන් කරන්න පුලුවන් කියන confirmation එකත් ලැබුනා..
ඉතින් උගන්නපු teachers ලට ස්තූති කරන්නෝන නිසා එදා ගොඩක් රෑ වෙනකන් ඇහැරිලා ඉන්නත් උනා.. හැමෝම වගේ (අපේ අම්මත්) කිව්වෙ ඕ ලෙවල් කාලෙ වගේ පිස්සු නට නට ඉන්නෙ නැතුව ඉස්සරහට මහන්සි වෙන්න කියන එක තමයි..මොනා උනත් අපි ඒ කාලෙ කරපු කියපු දේවල් තමා දැනට මතක් කරල සතුටු වෙන්න තියෙන්නෙ😛
Happy birthday nangi 💖. Dan itin upades labewi loku ayagen. hodata wada karannako. congratulations!
Thank you akkee💜 Ou dan nam tikak ahala athi wela..O/L karapu kaale idanma owa kiyanawa ne 😁
Happy 17th Birthday 🥳 Congratulations on your future education career and choose a good A / L stream that suits you and study well. 👏
Thank you, thank you so much aiye😁🤗
Happy Birthday nanga 🎂🍰 and congratulations! 🎊 Do your future studies well. Good luck with everything. ❤️
Thank you akke😁💜Thank you for every wish🖤
Wish u a very happy birthday nangi baba!!! & Have a brightness future !!! 😍😇
Thank you akkee💙🤗
Dn ethin hoda subject scheme ekak thora ganna wenawa. 😃
Thoragena hitiye ithin..dan ithin scl ekenuth aulak wenne na..e hinda digatama karagena yanawa😁
සුපිරි සර්ප්‍රයිස් එකක් තමයි හම්බෙලා තින්නේ බර්ත්ඩේ ඒකට.. පොඩ්ඩක් පරක්කු වෙලා හරි 😅😅
ඔව් නේ..බර්ත්ඩේ එකට හම්බුනු සප්‍රයිස් එකක් වගේ තමයි🤓
Wish you happy birth day and bright future...
Thank you so much...😊
Congratulations on your results!
Happy birthday nangiya.. e cake eka.....😋
Thank you thank you akkee🤗💜
cake eka nm rahai😋😋😅eth ude weddi iwarai
congratulations and best wishes for your future nangi😍😍😍
Thank you akke for your wishes🤗💙
අම්මොහ් ඒ කේක් එකෙ ලොකු. හැපි බර්ත් ඩේ නන්ගි. රෙසාල්ට් වලටත් සුබ පැතුම්. ඒලෙවල් තමා හොදටම කරගන්න ඕන. ඉතින් ඒක කරගන්න මන් සුබ පතනවා.
අම්ම කියන එක අහන්න😁.
ඒක එච්චර ලොකු නෑ ඉතින්..තැන්කියු අයියේ
අහලම මට ඇති වෙලා ඕක😅🤢ස්තූතී ස්තූතී😊
චුට්ටක් අමාරුයි..බලමු ඉතින්😁